E   |     |  

 දිනය: 2014-07-10   පිළිතුර ලබා දී ඇත 

4868/2014: පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව: ආනයනික බස් රථ

4868/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2013 වර්ෂයේ දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා ආනයනය කළ බස් රථ සංඛ්‍යාව කොපමණද;

            (ii)       ඒ සඳහා වැය කළ මුදල කොපමණද;

           (iii)       මේ වන විට එම බස් රථ තිබෙන ස්ථානය කවරේද;

  (iv)  එම බස් රථ නඩත්තුව සඳහා  රජය මාසිකව වැය කරන මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ඉහත සඳහන් බස් රථ සියල්ලම මේ වන විටත්  රජය සතුව පවතින්නේද;

  (ii)  නොඑසේ නම්, එම බස් රථ විකුණනු ලැබුවේද;

  (iii)  එසේ නම්, එකී බස් රථ අලෙවිකිරීමෙන් භාණ්ඩාගාරයට ලැබුණු මුදල කොපමණද;

  (iv)  එම බස් රථ අලෙවියෙන්  භාණ්ඩාගාරයට අහිමි වූ මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-10

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ආසන 42 බස් රථ 100ක් සහ ආසන 29 බස් රථ 30ක් පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුව වෙනුවෙන් ආනයනය කර තිබේ.

              (ii)      මෙම බස් රථ වසර 05ක මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ ලංකා බැංකුව මඟින් ලබා ගෙන ඇත. මේවායින් ආසන 29 සියලුම බස් රථ රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ  රාජ්‍ය ආයතන වෙත එම ආයතනවල රාජකාරි අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අදාළ ආයතන විසින් කරන ලද ඉල්ලීම් අනුව ලබා දී ඇති අතර, මේවා වෙනුවෙන් ගෙවීම් කටයුතු ජාතික අය වැය දෙපාර්තමේන්තුව විසින් ලංකා බැංකුව වෙත මූල්‍ය කල්බදු ක්‍රමය යටතේ නිරවුල් කරනු ලබයි. ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 284.6කි. එසේම ආසන 42 බස් රථවලින් 94ක් රාජ්‍ය ආයතන වෙතද, 06ක් පෞද්ගලික අංශයේ ආයතන වෙතද ලබා දී තිබේ. ඒවා සඳහා වන ගෙවීම් එම ආයතන විසින් සෘජුවම දරනු ලබයි.

(iii) ඇමුණුමෙහි දක්වා ඇත.

(iv) ඇමුණුමෙහි  සඳහන් පරිදි බස් රථ ලබා ගත් ආයතන විසින් දරනු ලබයි.

(ආ) (i) ඇමුණුමෙහි සඳහන් පරිදි විවිධ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන සතුව ඇත.

  (ii) බස් රථ ලබා දුන් ක්‍රමවේදය ඇමුණුමෙහි දක්වා ඇත.

ඇමුණුම සභාගත* කරමි.

(iii) අදාළ නොවේ.

(iv) පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ අවශ්‍යතාවය සඳහා මෙන්ම, රාජ්‍ය ආයතන වෙත භාණ්ඩාගාරය විසින් සාමාන්‍යයෙන් වාර්ෂිකව ලබා දෙන වාහන අවශ්‍යතාවය යන අවශ්‍යතා  දෙකම එක වර  ඉටු කර ගත හැකි වන පරිදි මෙම බස් රථ ලබා ගන්නා ලදී. ඒවා  පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට භාවිත කළ පසු  පෞද්ගලික  අංශය විසින් ලබා ගෙන තිබෙන බස් රථ 06 හැරුණු විට   අනිකුත් සියලු  බස් රථ රාජ්‍ය ආයතන වෙත ලබා දී ඇති බැවින් එම වාහන සඳහා රජයට අමතර පිරිවැයක් දැරීමට සිදු වී නොමැත.

(ඇ) පැන නොනගී.

මෙම ප්‍රශ්නය ඇසීම ගැන ගරු මන්ත්‍රීතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද, ඒකෙන් යථා තත්ත්වය පැහැදිලි කර දීමට අපට පුළුවන් වුණා. මේ ගැන නොයෙකුත් දූසමාන කටකථා පතුරා තිබුණා.   

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

   Annex tabled:

 

 

බස් රථ (ආසන 42 යූටෝන්) ලබා දුන් රාජ්‍ය හා අනෙකුත් ආයතන

 

 

ආයතනය

බස් රථ සංඛ්‍යාව

ගෙවීම් සිදු කරන ආකාරය

1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

68

ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් කල්බදු වාරික ගෙවනු ලබයි.

2

මහාමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති අධිවේගී ප්‍රවාහන පෞද්ගලික සමාගම

20

අධිවේගී ප්‍රවාහන පෞද්ගලික සමාගම මඟින් ගෙවනු ලබයි.

3

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ඇති ලංකා ස්පෝට්ස්සන් පෞද්ගලික සමාගම

3

මුළු මුදල ආයතනය දරා ඇත

4

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය

3

මුළු මුදල ආයතනය දරා ඇත

5

එක්ස්ඕටික් ග්ලෝබල් හොල්ඩින්ස් පෞද්ගලික සමාගම

2

මුළු මුදල ආයතනය දරා ඇත

6

ඒෂියන් ඇඩ්වෙන්චර් ට්‍රැවල්ස්

1

කල් බදු වාරික එම ආයතන ගෙවනු ලබයි

7

රෝයල් හොලිඩේස්

1

කල් බදු වාරික එම ආයතන ගෙවනු ලබයි

8

විලක්ෂ ටුවරිසම්

2

කල් බදු වාරික එම ආයතන ගෙවනු ලබයි

 

එකතුව

100

 

 

බස් රථ (ආසන 29 කෝස්ටර් බස් රථ) අනුයුක්ත කරන ලද රාජ්‍ය ආයතන

 

ආයතනය

පවරන ලද බස් රථ සංඛ්‍යාව

ගෙවීම් සිදු කර ඇති ආකාරය

1

ජනාධිපති ලේකම් කාර්යාලය

5

 

සියලුම රාජ්‍ය ආයතන වෙනුවෙන් ජාතික අය වැය දෙපාර්තමේන්තුව මඟින් කල්බදු වාරික ගෙවීම සිදු කරයි.            

2

නීතිපති දෙපාර්තමේන්තුව

1

3

පාර්ලිමේන්තුව

1

4

පොලිස් දෙපාර්තමේන්තුව

5

5

විශේෂ කාර්ය බලකාය

5

6

ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව

2

7

ආයුර්වේද දෙපාර්තමේන්තුව

1

8

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

1

9

ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය

1

10

ශ්‍රී ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලය

1

 

11

යාපනය විශ්වවිද්‍යාලය

1

12

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

1

13

ළමා ආරක්ෂණ අධිකාරිය

1

14

තක්සේරු දෙපාර්තමේන්තුව

1

15

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

1

16

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

1

17

වික්ටෝරියා නිවාසය, රාජගිරිය

1

 

                   එකතුව

30

පිළිතුරු දුන් දිනය

2016-07-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks