01

E   |     |  

 දිනය: 2014-07-09   පිළිතුර ලබා දී ඇත 

4867/2014: පොලීසියේ උසස් නිලධාරින් සඳහා මෝටර් රථ : වැය කළ මුදල

4867/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       2014.02.19 දින ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් සඳහා මෝටර් රථ ලබා දුන්නේද;

            (ii)       එසේ නම්, එම වාහන සංඛ්‍යාව කොපමණද;

           (iii)       ඒ සඳහා වැය කළ මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-09

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

           (ii)      50යි.

            (iii)      රුපියල් විසිනව කෝටි පනස්හයලක්ෂ හැත්තෑදහස් දෙසිය හතළිස්හතරයි ශත හැත්තෑ හයයි. (රු.295,670,244.76)

(ඇ)      පැන ‍නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks