01

E   |     |  

 දිනය: 2015-01-21   පිළිතුර ලබා දී ඇත 

4813/2015: සී/ස වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගමෙන් මිල දී ගත් වාහන: ලියා පදිංචිය

4813/’14

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි වී දැනට නිදහස් වෙළඳ කලාපය තුළ වාහන එකලස් කර විකිණීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන සී/ස වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම විසින් අලෙවි කරනු ලබන මෝටර් රථ  මාසයක් ඇතුළත ලියාපදිංචි කරන බවට මෝටර් රථ ප්‍රවාහන  කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කළ ලිපියක් ගැණුම්කරුවන්ට පෙන්වනු ලබන බවත්;

(ii) එනමුත්, එම සමාගම මගින් විකුණන ලද වාහන ලියාපදිංචි කිරීම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලබන බවත්;

(iii) ඒ හේතුවෙන් එම සමාගමෙන් මෝටර් රථ මිල දී ගෙන ඇති ගැණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් තම වාහන ධාවනය කිරීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වී සිටින බවත්;

එතුමා දන්නෙහිද?

 

 

(ආ) සී/ස වෙහිකල්ස් ලංකා පුද්ගලික  සමාගමෙන් මිලදී ගන්නා ලද වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත‍මේන්තුවේ ලියාපදිංචිකර ගැනීම සඳහා පහසුකම් සලසා දෙන්නේදැයි එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-01-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නැත.

                        සී/ස වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම විසින් අලෙවි කරනු ලබන මෝට‍ර් රථ මාසයක් ඇතුළත ලියාපදිංචි කරන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විසින් ලිපියක් නිකුත් කර නොමැත.

              (ii)      ඔව්.

                        ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව, අදාළ කොන්දේසි සපුරන වාහන 410ක් ලියාපදිංචි කිරීමට නියෝග කර ඇති බැවින් එම වාහන 410ට ඇතුළත් වන වාහන පමණක් ලියාපදිංචි කිරීම දැනට සිදු වේ. එසේ වුවද අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බැවින් එම උපදෙස් අනුව අවසාන තීරණයක් ගන්නා තෙක් සී/ස වෙහිකල්ස් ලංකා පුද්ගලික සමාගම විසින් අලෙවි කරන ලද අනෙකුත් වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ නොහැක.

(iii) ඉහත තත්ත්වය මත අපහසුතාවට පත් වී ඇත යන්න පිළිගත හැක.

(ආ) උක්ත අමාත්‍ය මණ්ඩල තීරණ පරිදි මේ පිළිබඳව නීතිපති උපදෙස් විමසා ඇති බැවින්, අදාළ නීතිපති උපදෙස් ලැබුණු පසුව ඒ අනුව කටයුතු සිදු කළ හැකි බව දන්වමි.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks