01

E   |     |  

 දිනය: 2015-03-20   පිළිතුර ලබා දී ඇත 

4793/2015: විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම : කඩිනම් කිරීම

4793/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

  (අ)       (i)       දිවයිනේ ලියාපදිංචි සමස්ත උපාධිධාරීන් අතරින් බාහිර උපාධිධාරීන් සංඛ්‍යාව හා අභ්‍යන්තර උපාධිධාරීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) වර්ෂයක් තුළ දී  රජයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;

(iii) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ දින සිට විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම දක්වා ගත වන කාල සීමාව කොපමණද;

(iv) මේ වන විට එම කාල සීමාව වර්ෂයකට ද වැඩි කාල සීමාවක් බවට පත්වී ඇති බව දන්නේද;

(v) එම තත්ත්වයට හේතු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල නිකුත්කිරීමෙන් පසු ඉතා ඉක්මනින් විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-20

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා පර්යේෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරින් ලියා පදිංචි කර ගැනීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් සිදු නොකරන අතර පසු ගිය දෙවසර තුළ විශ්වවිද්‍යාලවලින් පිටවූ උපාධිධාරින් සංඛ්‍යාව පහත පරිදි වේ.

 

වර්ෂය

2013

2014

අභ්‍යන්තර උපාධිධාරින් සංඛ්‍යාව

16,366

15,989

බාහිර උපාධිධාරින් සංඛ්‍යාව

  3,535

7,594

විවෘත විශ්වවිද්‍යාල උපාධිධාරින් සංඛ්‍යාව

942

976

මුළු උපාධිධාරින් සංඛ්‍යාව

20,843

24,559

              (ii)      2013 අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත ඇතුළත් කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව 25,200කි.

(iii) දළ වශයෙන් මාස 6ක පමණ කාලයක් ගත වේ.

(iv) ඇතැම් අවස්ථාවලදී එය වසරකට වැඩි කාලයකට දීර්ඝ විය හැක.

(v) * අ.පො.ස (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වීම හා එම විභාගයේ ප්‍රතිඵල දෙවරක් සංශෝධනය වීම.

* "Z" අගයේ බලපෑම මත අධිකරණමය ක්‍රියාමාර්ගවලට එළඹීම.

* අතිරේක සිසුන් බඳවා ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට කාලයක් ගතවීම.

(ආ) ඔව්.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks