01

E   |     |  

 දිනය: 2015-03-19   පිළිතුර ලබා දී ඇත 

4789/2015: සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීම: ක්‍රමවේදය

4789/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික             කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

  (අ)       (i)       ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව  කොපමණද;

             (ii)       කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටුවා ඇති සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව  කොපමණද;

(iii) සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවීමේ ක්‍රමවේදය කවරේද;

(iv) සංස්කෘතික මධ්‍යස්ථාන භාර නිලධාරීන්ට ගෙවනු ලබන දීමනාව කොපමණද;

(v) එම දීමනාව වැඩි කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-19

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය කාර්යාලය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සංස්කෘතික මධ්‍යස්ථාන සංඛ්‍යාව 173යි.

              (ii)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ 19යි.

             (iii)      සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් සංස්කෘතික මධ්‍යස්ථානයක් බැඟින් පිහිටුවීමේ වැඩ පිළිවෙළ අනුව සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටුවනු ලබනවා. 

             (iv)      දීමනාව රුපියල් 1,500යි. නමුත් අපි ඒක රුපියල් 3,000 දක්වා වැඩි කරන්න කටයුතු කර තිබෙනවා.

(v) ඔව්.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks