පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4787/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) යුද්ධය නිමකිරීම සඳහා පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායද සම්බන්ධ වූ බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඔවුන් රණවිරුවන් ලෙස පිළිගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) රණවිරුවන් දිරිමත් කිරීම සඳහා පවත්වනු ලබන “රණවිරු රියල් ස්ටාර්” තරගාවලියට පොලිස් නිලධාරීන් සහභාගී කර නොගැනීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-17
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන සාමය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(ආ) රණවිරුවන් දිරිමත් කිරීම සඳහා පවත්වනු ලබන "රණවිරු රියල් ස්ටාර්" තරගාවලිය පසු ගිය රජය කාලයේ ආරම්භ කර ඇති තරගාවලියකි. එයට පොලිස් නිලධාරින් සහභාගි කර නොගැනීමට හේතු කවරේද යන්න නොදනී. තවද, 'රණවිරුවන්' යන්න සුදුසු ලෙස නිර්වචනය වන පරිදි මීළඟ තරගාවලියේ සිට සුදුසු සියලු කණ්ඩායම් ඇතුළත් කර ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන බව ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය විසින් වාර්තා කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks