logo

බලන්න

02

E   |     |  

 දිනය: 2015-03-06   පිළිතුර ලබා දී ඇත 

4784/2015: වන අලින්ගෙන් සිදුවන මිනිස් ජීවිත හානි: විදුලි වැට

4784/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දිවයින තුළ වන අලි නිසා සිදුවන මිනිස් ජීවිත හානි සංඛ්‍යාව අවම කිරීම සඳහා ගන්නා ලද ක්‍රියා මාර්ග කවරේද;

            (ii)       වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා මුළු දිවයිනටම අවශ්‍ය වී ඇති විදුලි වැටවල (අලි වැටවල) දිග ප්‍රමාණය පිළිබඳ දැනුවත් භාවයක් තිබේද;

(iii) එසේ නම්, එම අවශ්‍යතාව කොපමණද;

(iv) කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය විදුලි වැටවල දිග ප්‍රමාණය කොපමණද;

(v) විදුලි වැට ඉදිකිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-06

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       දිවයින තුළ වන අලි නිසා සිදු වන මිනිස් ජීවිත හානි සංඛ්‍යාව අවම කිරීම සඳහා වර්ෂ 2005 සිට 2013  දක්වා කාල සීමාවේදී පහත සඳහන් පියවර ගෙන ඇත.

               (i)      •  විදුලි වැට ඉදි කිරීම.

                        •  අලි වෙඩි ලබා දීම.

                        •  කලබලකාරීව හැසිරෙන අලි අල්ලා වෙනත්         උද්‍යාන වෙත යොමු කිරීම.

                        •  අලි පලවා හැරීම.

                        •  අලි පාලන ඒකක පිහිටුවීම.

• රක්ෂිත ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම.

  • වන අලින්ගේ සංචරණ මාර්ග හරහා වන පිවිසුම් ඇති කිරීම.

  • සංඥා කරපටි පළඳවා වන අලින්ගේ සංචරණ රටාව අධ්‍යයනය කිරීම.

  • ජනතාව දැනුවත් කිරීම.

• ජීවිත, දේපළ හා ශාරීරික හානි සඳහා වන්දි ලබා දීම.

  • අලි රැඳවුම් මධ්‍යස්ථානයක් හොරොව්පතානේ ඉදි කිරීම හා තවත් අලි රැඳවුම් මධ්‍යස්ථාන 02ක් ඉදි කිරීමට යෝජනා වී සැලසුම් සකස් කර ඇත.

(ii) ඔව්.

(iii) කිලෝමීටර් 5,700ක් පමණ.

දැනට ඉදි කර ඇති විදුලි වැට ප්‍රමාණය - කිලෝමීටර්  2,618

ඉදිරියේදී ඉදි කළ යුතු විදුලි වැට ප්‍රමාණය - කි‍ලෝමීටර්  3,082

කිලෝමීටර්  5,700

=============

(iv) කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා අවශ්‍ය විදුලි වැටවල ප්‍රමාණය

මුළු ඉදි කළ යුතු විදුලි වැට ප්‍රමාණය - කිලෝමීටර් 559

2015 ඉදි කිරීමට සැලසුම් කර ඇති ප්‍රමාණය

(අඹන්පොල - 31 හා පොල්පිතිගම - 63)

- කිලෝමීටර්   94

ඉතිරි ඉදි කළ යුතු විදුලි වැට ප්‍රමාණය

(ගම්මාන 60ක් ආවරණය වන පරිදි)

- කිලෝමීටර්  465

දැනට ඉදි කර ඇති ප්‍රමාණය - කිලෝමීටර් 212

(v) ඔව්.  රුපියල් මිලියන 200ක් මෙවර අය වැයෙන් වෙන් කර ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-06-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නවීන් දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks