01

E   |     |  

 දිනය: 2014-07-08   පිළිතුර ලබා දී ඇත 

4662/2014: Liquor Licences - defaulters of Excise duties

4662/’13

 

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      2013 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මත්පැන් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

             (ii)      2008 වර්ෂයේ ජනවාරි සිට 2013 වර්ෂයේ සැප්තැම්බර් දක්වා කාල සීමාව වෙනුවෙන් මත්පැන් බලපත්‍ර නිකුත් කරන ලද සමාගම් වෙතින් රැස් කර ගන්නා ලද සුරා බදු ප්‍රමාණය වාර්ෂික පදනමින් කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) (i) මත්පැන් බලපත්‍ර නිකුත් කරනු ලදුව, 2012 සහ 2013 වර්ෂ වෙනුවෙන් සුරා බදු ගෙවීම් පැහැර හරින ලද කවර හෝ සමාගම් තිබේද;

(ii) එසේ නම්, එම ගෙවීම් පැහැර හරින ලද සමාගම්වල නම් කවරේද;

(iii) එකී එක් එක් සමාගමෙන් අයවිය යුතු මුළු සුරා බදු හිඟ මුදල කොපමණද;

(iv) ඉහත සඳහන් කරන ලද කවර හෝ සමාගමක මත්පැන් බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අලුත් කරනු ලැබ තිබේද;

(v) එසේ නම්, එම සමාගම්වල නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?     

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-08

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks