01

E   |     |  

 දිනය: 2014-06-20   පිළිතුර ලබා දී ඇත 

4661/2014: නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රී‍ඩා සංකීර්ණය : විස්තර

4661/’13

 

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       නුවරඑළියෙහි ඉහළ උන්නතාංශ ක්‍රී‍ඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවන ලද්දේ කවදාද;

            (ii)       ඉහත ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාර දෙන ලද සමාගමේ නම කවරේද;

  (iii)  ඉදිකිරීම් කටයුතු කිරීම සඳහා ඉහත සමාගම තෝරාගැනීමට හේතු ක‍වරේද;

යන්න එතුමා මෙ‍ම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  නුවරඑළියෙහි ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියේ සමස්ත පිරිවැය කොපමණද?

  (ii)  එම ව්‍යාපෘතියට අරමුදල් සපයන පාර්ශ්වය හෝ පාර්ශ්වකරුවන්ගේ නම් කවරේද;

  (iii)  අරමුදල් සැපයීම සඳහා එක් පාර්ශ්වයකට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වී සිටින්නේ නම්, එම පාර්ශ්ව අරමුදල් සපයන ආකාරය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්නත් එතුමා මෙ‍ම සභාවට දන්වන්නෙහිද?

(ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-20

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      මේ සඳහා ටෙන්ඩර් කැඳවා නොමැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

(ආ)          (i)      නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීරණයක් ඉදි කිරීම සඳහා වූ විශේෂ ඉල්ලීමක් නොමැති යෝජනාවක් (Unsolicited proposal) අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර එම යෝජනාව දැනට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් මඟින් අධ්‍යයනය කරමින් පවතී.

මෙම අධ්‍යයනයෙන් පසුව ලැබෙන නිරීක්ෂණවලට අනුව ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks