01

E   |     |  

 දිනය: 2014-06-20   පිළිතුර ලබා දී ඇත 

4660/2014: ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ග ව්‍යාපෘතිය: විස්තර

4660/’13

 

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— මහාමාර්ග, වරාය සහ නාවික අමාත්‍යතුමාගෙන් ඇසිමට,—

(අ)         (i)       ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ගය ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතිය දැනටමත් ආරම්භ කර තිබේද;

      (ii)       එසේ නම්, එය ආරම්භ කරනු ලැබූයේ කවදාද;

           (iii)       ව්‍යාපෘතිය නිම කිරීම සඳහා යෝජිත දිනය කවදාද;

  (iv)  නොඑසේ නම්, එකී ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීමට නියමිතව ඇත්තේ කවදාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ආ)  (i)  ත්‍රිකුණාමලය පිටත වටරවුම් මාර්ගය ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ සමාගමේ නම කවරේද;

  (ii)  එකී සමාගමට ප්‍රදානය කළ ‍ කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම කොපමණද;

යන්නත් එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?  

(ඇ)  (i)  මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයන ආකාරය කවරේද; (එනම් එයට අරමුදල් සපයනුයේ ණයක් සහ/ හෝ ප්‍රදානයක් මගින්ද)  

  (ii)  ව්‍යාපෘතියට අරමුදල් සැපයීම සඳහා වගකිවයුතු පාර්ශ්වයන්ගේ ප්‍රභේදනය සහ එක් එක් පාර්ශ්වය විසින් සපයනු ලබන මුදල කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-20

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, වරාය හා නාවික

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      නැත.

                        මූලික සැලසුම් හා ඇස්තමේන්තු සකස් කර ගිවිසුම අත්සන් කර ඇත. මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ ගිවිසුම (Loan Agreement) අවසන් කර නොමැති බැවින්, ක්ෂේත්‍රයේ වැඩ ආරම්භ කර නැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමේ ගිවිසුම (Loan Agreement) අත්සන් කර නොමැති බැවින්, ක්ෂේත්‍රයේ වැඩ ආරම්භ කරන හා අවසාන දිනය තීරණය කර නොමැත.

(iv) ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන අනුමත වූ පසු වැඩ ආරම්භ කිරීමට නියමිතව ඇත.

(ආ) (i) හුනාන් රෝඩ් ඇන්ඩ් බ්‍රිජ් කන්ස්ට්‍රක්ෂන් ගෲප් කෝපරේෂන් (Hunan Road & Bridge Construction Group Corporation)

(ii) රුපියල් 34,364,502,393.00කි. (රුපියල් මිලියන 34,364.5)

(ඇ) (i) ණය මුදලක් ලෙස ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලබා ගැනීමට අපේක්ෂා කරයි.

(ii) ණය ලබා දෙන ආයතනය මඟින් සියයට 85ක් සහ ශ්‍රී ලංකා රජය විසින් සියයට 15ක් වශයෙන් යෙදවීමට යෝජිත වී ඇත.

(ඈ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2014-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks