01

E   |     |  

 දිනය: 2014-07-24   පිළිතුර ලබා දී ඇත 

4630/2014: සහල් අපනයන කලාප: විස්තර

4630/’13

 

ගරු පී. හැරිසන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2014 වර්ෂයේ දී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් අපනයනය  කිරීම සඳහා 2012 අයවැයෙන් රුපියල් මිලියන 200 ක් වෙන් කළ බවත්;

             (ii)       ඒ වෙනුවෙන් දකුණ, නැගෙනහිර, උතුරු මැද හා උතුර යන පළාත්වල සහල් අපනයන කලාප 4ක් පිහිටුවීමට යෝජනා කර ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් සහල් අපනයන කලාප ආශ්‍රිතව රජය විසින් සහ පුද්ගලික අංශය විසින් ඉදිකර ඇති වී මෝල් සංඛ්‍යාව කොපමණද;  

(ii) ඒවා අතරින් බදු සහන යටතේ ඉදිකර ඇති වී මෝල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) (i) ඉහත සඳහන් සහල් අපනයන කලාපවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ සඳහා තෝරා ගත් ගම්මාන එක් එක් කලාපය අනුව, වෙන් වෙන්  වශයෙන් කවරේද;

(ii) මේ වන විට එම එක් එක් කලාපයෙන් අපනයනය සඳහා ලැබෙන සහල් ප්‍රමාණය කොපමණද;

(iii) ඉහත (ආ)(i) හි සඳහන් එම වී මෝල් පිහිටි ස්ථානවල නම් හා ලිපිනයන් කවරේද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-24

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)          (i)      රජය විසින් වී මෝල් ඉදිකර නොමැත. එහෙත් සහල් අපනයන කලාප ආශ්‍රිතව  සහල් අපනයන සමාගම් විසින් ඒ ඒ අවශ්‍යතා මත පුද්ගලික වී මෝල් සවි කිරීමට අපේක්ෂිත අතර පවතින වී මෝල් ද භාවිතා කරයි.

              (ii)      බදු සහන යටතේ වී මෝල් ඉදිකර නොමැත.

(ඇ)          (i)     

 

සහල් අපනයන  කලාපය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ සඳහා තෝරාගත් ගම්මාන එක් එක් කලාපය අනුව

 දකුණ

 හම්බන්තොට, සූරිය වැව

 නැ‍ඟෙනහිර

 නින්දවුර්, ආවාලච්චේන, සමන්තුරෛ, පොතුවිල්, කල්මුනේ

 උතුරු මැද

 තලාව, මැදවච්චිය, රඹෑව, තඹුත්තේගම, දඹුල්ල

 උතුරු කලාපය

 මන්නාරම

(ii)  

 

සහල් අපනයන කලාපය

සහල් අපනයනය කිරීමට අපේක්ෂිත සංඛ්‍යාව (මෙ.ටො.)

මාසිකව (මෙ.ටො)

වාර්ෂිකව (මෙ.ටො.)

දකුණ

40

480

නැඟෙනහිර

5,000

60,000

උතුරු මැද

5

60

උතුර

මන්නාරම ප්‍රදේශයේ සහල් නිෂ්පාදනය සිදු කළ ද   අපනයනය කිරීම ආරම්භ කර නොමැත.

              (iii)      රජය විසින් වී මෝල් ඉදිකර නොමැති අතර සහල් අපනයන කලාප ආශ්‍රිතව සහල් අපනයන සමාගම් විසින් ඒ ඒ අවශ්‍යතා මත පුද්ගලික වී මෝල් ඉදිකර තිබේ. එවැනි වී මෝල්වල ලිපිනයන් පහත දැක්වේ.

 

1. Hairu Food Technologies (Pvt.) Limited

                          No. 16, Darmashoka Mawatha

Kandy.

 

2. Sierra Rice Products (Pvt) Limited

Padalangana,

Embilipitiya.

 

3. Cooperation for Industrial Development Lanka,

Industrial Estate, Madawala Ulpotha,

Matale.

(ඈ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks