04

E   |     |  

 දිනය: 2014-11-07   පිළිතුර ලබා දී ඇත 

4579/2014: කැසිනෝශාලා: විස්තර

4579/’13

 

ගරු අනුර දිසානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

 (අ)        (i)       ශ්‍රී ලංකාව තුළ කැසිනෝ සූදුව වෙනුවෙන් 2012 සිට මේ දක්වා නිකුත් කර ඇති බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම බලපත්‍රලාභීන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

  (iii)  එම කැසිනෝශාලා පවත්වාගෙන යනු ලබන ප්‍රදේශ කවරේද;

  (iv)  මේ වන විට බලපත්‍ර රහිත කැසිනෝශාලා පවත්වාගෙන යනු ලබන බවට වාර්තා වී තිබේද;

  (v)  එසේ නම්, එම කැසිනෝශාලා සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-07

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව අධිකාරිලත් ආයතනයක් හෝ ඒ පිළිබඳව රෙගුලාසි මෙතෙක් සකස් කර නොමැත. එමෙන්ම, 2012 සිට මේ දක්වා කැසිනෝ සූදුව සඳහා කිසිදු බලපත්‍රයක් නිකුත් කර නැත.

              (ii)      ඉහත (i) අනුව අදාළ නොවේ.

             (iii)      ඉහත (i) අනුව අදාළ නොවේ.

             (iv)      ඔට්ටු හා සූදු බදු පනත යටතේ බදු ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ වන විට ආයතන 5ක් ලියාපදිංචි වී ඇත.

(v) ලියාපදිංචි වූ සමාගම් සඳහා අදාළ පනත අනුව අය කළ යුතු බදු අය කරනු ලැබේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-06-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks