04

E   |     |  

 දිනය: 2014-11-11   පිළිතුර ලබා දී ඇත 

4473/2014: මාතර, උයන්වත්ත ක්‍රීඩාංගනය: විකිණීම

4473/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)          (i)      මාතර, උයන්වත්ත ක්‍රීඩාංගණය දිස්ත්‍රික් සහ සමස්ත ලංකා මට්ටමේ ක්‍රීඩා තරග පැවැත්වීමට යොදා ගන්නා පොදු ක්‍රීඩාංගණයක් බවත්;

             (ii)      මාතර නගරවාසීන් බොහෝ පිරිසක් දෛනිකව ශාරීරික සුවතා සඳහා එම ක්‍රීඩාංගණය භාවිතා කරන බවත්;

(iii) මාතර මහ නගර සභාව මගින් එම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකිණීම සඳහා කටයුතු කරමින් සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එම ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විකුණනු ලැබුවහොත්, එම ප්‍රදේශයේ ජනතාවට අපහසුතා රැසකට මුහුණදීමට සිදු වන බව පිළිගන්නේද;

(ii) එසේ නම්, එකී ක්‍රීඩාංගණය විකිණීමේ ක්‍රියාවලිය නවතාලීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-11

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. පොදු ක්‍රීඩාංගනයක් ලෙස යොදා ගනී.

             (ii)       ඔව්.

            (iii)       නැත.

(ආ)         (i)      විකිණීමට කටයුතු  කර නොමැති බැවින් එවැනි  අපහසුතා පැන නොනඟියි.

              (ii)      අදාළ නොවේ.

(ඇ)     අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks