04

E   |     |  

 දිනය: 2014-11-05   පිළිතුර ලබා දී ඇත 

4469/2014: එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ QORVIS COMMUNICATIONS සමාගම : ගනුදෙනු

4469/’13

 

ගරු අනුර දිසානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)   2010, 2011 හා 2012 යන වර්ෂවලදී එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  Qorvis Communications නමැති සමාගම සමග ගනුදෙනු කර තිබේද;

             (ii)       එසේ නම්, එම ගනුදෙනු සිදුවී ඇති දින වකවානු කවරේද;

(iii) එම ගනුදෙනු තුළින් ඉටුකර ගෙන ඇති කාර්යය හෝ කාර්යයන් කවරේද;

(iv) එමගින් ලැබී ඇති  ප්‍රයෝජන කවරේද;

(v) එම කටයුතු වෙනුවෙන් කරන ලද ගෙවීම්වල වටිනාකම කොපමණද;

(vi) ඒ සඳහා මුදල් වෙන් කරනු ලැබූ වැය ශීර්ෂය කවරේද;

(vii) එම සමාගම සමග ගිවිසුම්වලට එළැඹ ඇත්නම්, එම ගිවිසුම් සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-05

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      නැත.

              (ii)      දාළ නොවේ.

              (iii)      අදාළ නොවේ.

              (iv)      අදාළ නොවේ.

               (v)      අදාළ නොවේ.

              (vi)      අදාළ නොවේ.

             (vii)      අදාළ නොවේ.

(ආ)      පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2015-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks