පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4467/’13
ගරු අනුර දිසානායක මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010, 2011 හා 2012 යන වර්ෂවලදී එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Patton Boggs නමැති සමාගම සමග ගනුදෙනු කර තිබේද;
(ii) එසේ නම්, එම ගනුදෙනු සිදුවී ඇති දින වකවානු කවරේද;
(iii) එම ගනුදෙනු තුළින් ඉටු කර ගෙන ඇති කාර්යය හෝ කාර්යයන් කවරේද;
(iv) එමගින් ලැබී ඇති ප්‍රයෝජන කවරේද;
(v) එම කටයුතු වෙනුවෙන් කරන ලද ගෙවීම්වල වටිනාකම කොපමණද;
(vi) ඒ සඳහා මුදල් වෙන් කරනු ලැබූ වැය ශීර්ෂය කවරේද;
(vii) එම සමාගම සමග ගිවිසුම්වලට එළැඹ ඇත්නම්, එම ගිවිසුම් සභාගත කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-10-31
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii)
|
වර්ෂය |
ගෙවීම් කළ දිනය |
|
2010 |
2010.04.30 |
|
|
2010.10.22 |
|
|
2010.12.31 |
|
2011 |
2011.03.10 |
|
|
2011.05.20 |
|
|
2011.07.28 |
|
|
2011.11.30 |
|
2012 |
2012.03.20 |
(iii) Patton Boggs LLP සමාගමට අනුව, ඔවුන් ගිවිසගෙන ඇත්තේ,
1. ශ්‍රී ලංකාව වෙනුවෙන් කොංග්‍රසයේ මිත්‍ර සබඳතා ඇති කර ගැනීමට,
2. කොංග්‍රසයට, ශ්‍රී ලංකාවට එරෙහිව යම් පනත් කෙටුම්පතක් හෝ යෝජනා සම්මුතියක් හෝ ගෙන ඒම වැළැක්වීමට උත්සාහ කිරීමට,
3. සංචාරකයන් සඳහා වන මාර්ගෝපදේශ මාලාවේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් දක්වා ඇති කරුණු ඉවත් කරවා ගැනීමට උපකාර කිරීමට,
4. පුද්ගලයන් නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරන රටවල ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට උපකාර කිරීමට,
5. ශ්‍රී ලංකාවට පැමිණීමට එක්සත් ජනපද ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමක් සංවිධානය කිරීමට.
(iv) Patton Boggs නිලධාරින් පහත සඳහන් දෑ ඉටු කර තිබෙන බව කියනු ලබයි.
1. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජනපද කොංග්‍රසය තුළ අව්‍යාජ සබඳතා ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා එක්සත් ජනපද කොංග්‍රස් නියෝජිතයන්ගෙන් සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලවලින් සමන්විත නිල නියෝජිත කණ්ඩායම් සංවිධානය කිරීම.
2. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් කැඳවීමේ පනත් කෙටුම්පත් එක්සත් ජනපදයේ කොංග්‍රස් සභාවේ සභාගත වීම වැළැක්වීම.
3. ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජනපදය 2010 වසරේදී පනවා ඇති ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳ අනතුරු ඇඟවීම රාජ්‍ය දෙපාර්තමේන්තුව ලවා ඉවත් කිරීමට දූත මණ්ඩලය වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීම.
4. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද "පුද්ගලයන් නීති විරෝධි ලෙස ප්‍රවාහනය කරන රටවල ලැයිස්තුවෙන්" ශ්‍රී ලංකාව ඉවත් කිරීමට උපකාර කිරීම.
5. 2011 වසරේදී එක්සත් ජනපද වෙළඳ සමාගම්වල ව්‍යාපාරික නියෝජිත කණ්ඩායමකගේ ශ්‍රී ලංකා සංචාරය සංවිධානය කිරීම.
මෙම සියලු කටයුතු වොෂිංටන්හි තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ගේ වගකීම්වලට අයත් වන නිසාත්, ඒ මඟින් සැලකිය යුතු තරම් වියදම් ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වන නිසාත්, එම නිලධාරින් මෙම කටයුතු ඉටු කළ යුතුව තිබූ බව මගේ හැඟීම බව තවදුරටත් ප්‍රකාශ කිරීමට ද කැමැත්තෙමි.
(v) මෙම අමාත්‍යාංශය විසින් සිදු කරන ලද ගෙවීම් මෙසේය.
2010 - ශ්‍රී ලංකා රුපියල් 35,685,907.63
2011 - ශ්‍රී ලංකා රුපියල් 46,913,476.71
2012 - ශ්‍රී ලංකා රුපියල් 12,992,860.05
(vi) විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය
112 - 2 -3 - 0 - 1405 (04)
(vii) ඔව්. ගිවිසුමේ පිටපතක් අමුණා* තිබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks