01

E   |     |  

 දිනය: 2014-05-23   පිළිතුර ලබා දී ඇත 

4438/2014: SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය: ශිෂ්‍යත්ව

4438/’13

 

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වෛද්‍ය උපාධි (MBBS) පාඨමාලාව හැදෑරීම සඳහා මාලබේ පිහිටි SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට  ප්‍රථම වරට සිසුන් ඇතුළත් කරගනු ලැබූ වර්ෂය කවරේද;

  (ii)  2013 සැප්තැම්බර් මස 30 වැනි දින වන විට ඉහත උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා ලියාපදිංචි වී සිටි දේශීය සිසුන් සංඛ්‍යාව කොපමණද;

  (iii)  2013 වර්ෂයේ ලියාපදිංචි වූ සිසුවෙකු එම පාඨමාලාව සඳහා ගෙවිය යුතු සම්පූර්ණ ගාස්තුව කොපමණද;

  (iv)  මෙම ආයතනය පිහිටු‍වීමේදී දේශීය සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ක්‍රමවේදයක් සඳහා එකඟතාවයක් ඇතිවී තිබේද;

  (v)  එසේ නම්, එකී එකඟතාවය කවරේද;

  (vi)  ඒ අනුව මේ වන විට ලියාපදිංචි වී ඇති සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙන් පූර්ණ ශිෂ්‍යත්ව ප්‍රදානය කර ඇති සිසුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-23

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ප්‍රථම වරට සිසුන් ඇතුළත් කරගනු ලැ‍බුවේ 2009 වර්ෂයේදීය.

              (ii)      සිසුන් 651කි.

             (iii)      රුපියල් 6,997,200කි.

       (iv)  ඔව්. එකඟතාවයක් තිබෙනවා.

                        සියලුම රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලින් වාර්ෂිකව එම විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා  ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 20ක උපරිමයකට යටත්ව  ශිෂ්‍යත්ව ලබා ගැනීමට එකඟ කරවාගෙන ඇත. එහෙත් දැනට කිසිදු ආයතනයකින් ශිෂ්‍යත්ව ලබා ගැනීමට කටයුතු නොකෙරේ. ඊට හේතුව වී ඇත්තේ තවමත් වාර්ෂිකව අතිවිශාල ප්‍රාග්ධන ප්‍රමාණයක් එම විශ්ව විද්‍යාල සංවර්ධනය සඳහා ‍යොදවමින් සිටීමයි.

එහෙත් පසු ගිය වසරේ අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් අනුව, A සාමාර්ථ තුනක් 3ක් ලබා වෛද්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව නොලද සිසු සිසුවියන්  11 දෙනෙකුට නොමිලයේ අධ්‍යාපනය හැදෑරීමට හැකි වන සේ පූර්ණ  ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.  ඉදිරි කාලයේදී මෙම ආයතනය ශක්තිමත්ව, ගැටලු හා බාධාවලින් තොරව පවත්වා‍ ගෙන යෑමට හැකි වූ පසු ශිෂ්‍යත්ව ලබා ගැනීමේ ක‍ටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

(v) අදාළ නොවේ.

(vi) 24 කි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම.,  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks