01

E   |     |  

 දිනය: 2014-04-25   පිළිතුර ලබා දී ඇත 

4428/2014: රජයේ පුස්තකාලයාධිපති සේවය : පුරප්පාඩු

4428/’13

 

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2009.09.24 දිනැති අංක 1620/22 දරන අති විශේෂ ගැසට් පත්‍රය පරිදි  රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාවේ, අන්තර්කාලීන විධිවිධාන යටතේ සේවයේ නියුතු පුස්තකාලයාධිපතිවරුන් හට පෙරදාතම් කර අදාළ පන්ති සඳහා ලබා දිය යුතු උසස්වීම් මෙතෙක් නිසියාකාරව ලබා දී  නොමැති බවත්;

(ii) දැනට රජයේ පුස්තකාලයාධිපති සේවයේ බඳවා ගැනීම් පන්තිය වන III පන්තියේ පුරප්පාඩු රාශියක් පවත්නා බවත්;

(iii) පෙර කී සේවා ව්‍යවස්ථාව තුළ හඳුනාගෙන ඇති සේවක සංඛ්‍යාවෙන් 70%කට වැඩි ප්‍රමාණයක් මේ දක්වා ද පුරප්පාඩුව පවත්නා බවත්;

එතුමා දන්නෙහිද?        

(ආ) (i) 1981 වර්ෂයේ සිට පෙර කී පුස්තකාලයාධිපති සේවයේ අධි / විශේෂ පන්තියේ වැටුප් පරිමාණය දීප ව්‍යාප්ත ‍සේවාවල II / II පන්තියේ වැටුප් පරිමාණයට ඉහළින් පැවති බවත්;

(ii) අංක 06/2006 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය මගින් පුස්තකාලයාධිපති සේවයේ විශේෂ පන්තිය පෙර කී දීප ව්‍යාප්ත සේවා පිහිටුවන ලද වැටුප් පරිමාණයට බොහෝ පහළින් වූ MN - 07 වැටුප් පරිමාණය මත පිහිටුවා ඇති බවත්;

(iii) එමගින් පුස්තකාලයාධිපති විශේෂ පන්තියට බලවත් අසාධාරණයක් සිදු වී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?        

(ඇ) (i) ඉහත ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(ii) එම පියවර ක්‍රියාත්මක කරනු ලබන්නේ කෙදිනක සිටද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-25

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2009.09.24 දිනැති අංක 1620/22 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ රජයේ පුස්තකාලයාධිපති සේවා ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධිවිධාන යටතේ සුදුසුකම් සපුරන ලද එවකට සේවයේ නියුතුව සිටි හා විශ්‍රාමික සියලු පුස්තකාලයාධිපතිවරුන් හට උසස්වීම් ලබා දී ඇත.

                        ඒ යටතේ පළමු උසස්වීම පෙරදාතම කර ලබා දීමෙන් පසු දෙවන උසස්වීමටද සුදුසුකම් සපුරන නිලධාරින් හට එම දෙවන උසස්වීම ලබා දීමටද මේ වන විට කටයුතු කරමින් පවතී.

(ii) පුරප්පාඩු පවතී.

(iii) එම පුරප්පාඩු සඳහා නව පුස්තකාලයාධිපතිවරුන් බඳවා ගැනීම සඳහා කටයුතු කරමින් පවතී.

(ආ) (i) පිළිගනිමි.

(ii) පිළිගනිමි.

(iii) පිළි නොගනිමි.

6/2006 චක්‍රලේඛය රාජ්‍ය සේවාවේ සියලුම සේවා සඳහා බලපාන පරිදි සකස් කරන ලද්දකි. එබැවින් එය විශේෂයෙන්ම පුස්තකාලයාධිපති සේවාවට සිදු වූ අසාධාරණයක් බව පිළිනොගනිමි.

(ඇ) (i) III පන්තිය සඳහා නව පුස්තකාලයාධිපතිවරුන් බඳවා ගැනීමට කටයුතු කෙරෙමින් පවතී.

(ii) බඳවා ගැනීමේ කටයුතු අවසන් වීමෙන් පසු.

(ඈ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2014-06-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks