01

E   |     |  

 දිනය: 2014-04-23   පිළිතුර ලබා දී ඇත 

4411/2014: ලංකා එනර්ජි පුද්ගලික සමාගම : කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති

4411/’13

 

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— 

(අ)        (i)       ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් අත්පත් කරගන්නා ලද  ලංකා එනර්ජි පුද්ගලික සමාගමට අයත් කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති යෝජනා සංඛ්‍යාව  කොපමණද;

  (ii)  එම ව්‍යාපෘති අතරින් මේ වන විට ඉදිකිරීම්  කටයුතු ආරම්භ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම ව්‍යාපෘති කවරේද;

  (iv)  එම එක් එක් ව්‍යාපෘතියේ ඉදිකිරීම් නිමකිරීමට ගතවන කාලය වෙන් වෙන් වශයෙන් කවරේද;

  (v)  මෙතෙක් වැඩ කටයුතු  ආරම්භ කර නොමැති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී ගැනීමට නියමිත ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-23

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර හා පුනර්ජනනීය බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)  (i)   සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ලංකා එනර්ජි පුද්ගලික සමාගමට අයත් කිසිදු ව්‍යාපෘතියක් අත් පත් කර ගෙන නොමැත.

          (ii)       ඉහත (i) පිළිතුර අනුව අදාළ නොවේ.

          (iii)    ඉහත  (i) පිළිතුර අනුව අදාළ නොවේ.

          (iv)      ඉහත  (i) පිළිතුර අනුව අදාළ නොවේ.

          (v)      ඉහත  (i) පිළිතුර අනුව අදාළ නොවේ.

(ආ)     පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks