01

E   |     |  

 දිනය: 2014-04-22   පිළිතුර ලබා දී ඇත 

4407/2014: ඇඟලුම් ක්‍ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීම: ක්‍රියා මාර්ග

4407/’13

 

ගරු තිස්ස අත්තනායක මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකාවේ දැනට ඇඟළුම් නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන කර්මාන්තකරුවන් සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම ඇඟළුම් කර්මාන්තශාලාවල සේවය කරනු ලබන සේවක සේවිකාවන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම ඇඟළුම් කර්මාන්තශාලාවල මේ වන විට 30,000ක පමණ සේවක සේවිකා පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව දන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඇඟළුම් කර්මාන්තශාලාවල පවතින පුරප්පාඩු මේ දක්වා පුරවනු ලැබුවේ දේශීය ශ්‍රමිකයන් යොදවාගෙන බව පිළිගන්නේද;

(ii) ඉදිරියේදී එම පුරප්පාඩු පිරවීම සඳහා බංගලාදේශය, ඉන්දියාව, මියන්මාරය වැනි රටවලින් විදේශ ශ්‍රමය ගෙන්වා ගැනී‍මේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින්නේද;

(iii) එසේ නම්, එවැනි තත්ත්වයක් ඇතිවීමට බලපෑ හේතු සාධක කවරේද;

(iv) ඒ ආකාරයෙන් ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පුරප්පාඩු පිරවීම සඳහා විදේශ ශ්‍රමිකයන් යොදවා ගැනීම තුළින් මෙරට තරුණ තරුණියන්ට තිබූ රැකියා අවස්ථා අහිමිවීමක් සිදුවන බව පිළිගන්නේද;

(v) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-22

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති ව්‍යාපෘති ගණන - 370යි.

                        (මෙයට 200 ඇඟලුම් කර්මාන්ත ව්‍යාපෘතියද, ඒ යටතේ ඇති මව් ව්‍යාපෘති 65ක්ද ඇතුළත් වේ.)

              (ii)      292,004 - (2012 වර්ෂය සඳහා),

                        280,701 -  (2013 වර්ෂය සඳහා) මෙම සේවක සංඛ්‍යාව කර්මාන්ත 313ක පමණක් වන අතර ඉතිරි කර්මාන්තවල සේවක සංඛ්‍යා යාවත්කාලීන කරමින් පවතී.

(iii) රැකියා ඇබෑර්තු සංඛ්‍යාව නිතරම වෙනස් වන නිසා එම සංඛ්‍යාව ආයතන මට්ටමින් ලබා ගන්නා ලද තොරතුරු පදනම් කරගෙන උපරිම වශයෙන් පැවතිය හැකි පුරප්පාඩු සංඛ්‍යාව අපගේ නියැදි සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ;

(i) ආයෝජන ප්‍රවර්ධන කලාප තුළ ඇති කර්මාන්තශාලාවල

    පවතින පුරප්පාඩු සංඛ්‍යාව =    5,000

(ii) ආයෝජන ප්‍රවර්ධන කලාපයෙන් පිටත ඇති කර්මාන්තශාලාවල

    පවතින පුරප්පාඩු සංඛ්‍යාව  =   10,000

              ________       15,000  

=========

ඒ අනුව මුළු පුරප්පාඩු සංඛ්‍යාව15,000කට වැඩි නොවේ.

(ආ) (i) ඔව්.

(ii) නැත.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks