01

E   |     |  

 දිනය: 2014-04-22   පිළිතුර ලබා දී ඇත 

4341/2014: ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව : අතිරේක ලංකා බැංකු ගිණුම

4341/’13

 

ගරු සුජීව සේනසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

 (අ)         (i)      ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් ලංකා බැංකුවේ, නිදහස් චතුරශ්‍ර ශාඛාවේ පවත්වාගෙන යනු ලබන ගිණුම් අංක 2323310ට  අමතරව එකී බැංකුවේම අංක 2323246 යටතේද ගිණුමක්  පවත්වාගෙන ගිය බවත්;

(ii) 2005.04.15 වැනි දින එම ආයතනයේ අංක 4530801719 දරන සාමාන්‍ය බැංකු ගිණුමට එවන ලද රු.4,293,253.00ක මුදල 2005.05.03 වැනි දින අංක 004530207663 දරන වෙනත් ගිණුමකට මාරු කිරීමට එම ආයතනයේ මුදල් කළමනාකරු හා විධායක අධ්‍යක්ෂවරයා නියෝග කළ බවත්;

(iii) එම අතිරේක ගිණුම පිළිබඳ තොරතුරු ඉහත ආයතනය  සතුව නොතිබූ බැවින් එම මුදල් කුමන කාර්යයක් සඳහා  භාවිතා කළේද යන්න විගණනයේදී හෙළිදරව්වී නොමැති බවත්;

(iv) ඉහත (i)හි සඳහන් අංක 2323246 දරන ගිණුම පිළිබඳව ද කිසිම තොරතුරක් එම ආයතනය සතුව නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ගිණුම් අංක 2323310ට අමතරව අංක 2323246 යටතේ තවත් ගිණුමක් පවත්වාගෙන යෑමට හේතුව කවරේද;

(ii) ඉහත අ(i) සහ අ(ii)හි සඳහන් ගිණුම් අංක ඔස්සේ අයථා මුදල් ගනුදෙනු සිදු කළ දූෂිත නිලධාරීන් කවුරුන්ද;

(iii) ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-04-22

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ලංකා බැංකුවේ නිදහස් චත්‍රරශ්‍ර ශාඛාවේ පවත්වාගෙන යනු ලබන අංක 2323310 දරන ගිණුම ශ්‍රී ලංකා කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව විසින් පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුම වේ. අංක 2323246 ගිණුම පිළිබඳ තොරතුරු 2012.08.21 දින හෙළිදරව් වන තෙක් ආයතනය සතු වී නොමැත.

(ii) මෙම බැංකු ගිණුම පිළිබඳ ප්‍රශ්න කර ඇති දිනට අදාළ බැංකු වාර්තා මෙම ආයතනය සතුව නොමැති අතර අදාළ බැංකුවෙන් මේ පිළිබඳ තොරතුරු ඉල්ලා ඇතත් මේ වන තෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.

(iii) ඔව්.

(iv) අංක 2323246 දරන ගිණුම පිළිබඳ තොරතුරු 2012.08.21 දින තෙක් ආයතනය වෙත ලැබී නොමැත.

(ආ) (i) ICRAF ආයතනය සමඟ ඌන භෝග ව්‍යාපෘතිය (Under-utilized Crop Project) සඳහා මෙම ගිණුම 2005 දී පමණ ඇති කර ඇති අතර පසුව මෙවැනි ගිණුමක් මේ ආයතනය මඟින් පවත්වාගෙන ගොස් නැත.

(ii) මෙම (අ) (i) සහ (අ) (ii) යටතේ සඳහන් ගිණුම් වාර්තා මෙම ආයතනය සතුව නොමැති අතර මේ පිළිබඳව අපරාධ විමර්ශන අංශය මඟින් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

(iii) මේ පිළිබඳව අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-06-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වයි.ජී. පද්මසිරි මහතා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks