01

E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

4328/2014: රාජ්‍ය සේවයේ කාන්තා නියෝජනය: විස්තර

4328/’13

 

ගරු අනෝමා ගමගේ මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවය තුළ  කාන්තා නියෝජනය වැඩි වශයෙන් පවතින සේවාවන් කවරේද;    

            (ii)       මේ වන විට රාජ්‍ය සේවය තුළ සිටින විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා ඉන් ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;

  (iii)  රාජ්‍ය සේවය තුළ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හා ඉන් පහළ අධ්‍යාපන මට්ටම්වල සිටින කාන්තා නියෝජනය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  මේ වන විට ශ්‍රී ලංකා පරිපාලන සේවය, ‍ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා          ක්‍රම සම්පාදන සේවය හා ශ්‍රී ලංකා වෛද්‍ය සේවය යන වෘත්තීන්හි කාන්තා නියෝජනය කොපමණද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළව 2014.02.20 වන දිනට රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවාවනට සහ ඒකාබද්ධ සේවාවනට අයත් වන නිලධාරින්ගෙන් කාන්තා නියෝජනය පහත සඳහන් පරිදි වේ.

                         රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවාවන් තුළ කාන්තා නියෝජනය

 සේවාව

කාන්තා නියෝජනය

කාන්තා නියෝජනයේ ප්‍රතිශතය

ශ්‍රී ලංකා පරිපාලන සේවය

1,039

46.93%

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය

192

20.00%

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය

151

48.08%

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය

24

64.86%

මුළු එකතුව

1,406

44.96%

                                    රාජ්‍ය සේවය තුළ ඒකාබද්ධ සේවාවන් තුළ කාන්තා නියෝජනය

සේවාව

කාන්තා නියෝජනය

කාන්තා නියෝජනයයේ ප්‍රතිශතය

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය

21,147

73.15%

සංවර්ධන නිලධාරි සේවය

29,218

71.54%

භාෂා පරිවර්තක සේවය

144

61.02%

ශ්‍රී ලංකා පුස්තකාලයාධිපති සේවය

123

84.83%

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය

587

71.05%

කාර්යාල සේවක සේවය

1,465

11.99%

මුළු එකතුව

52,684

62.20%

ඒකාබද්ධ සේවා සහ දීපව්‍යාප්ත සේවා දෙකෙහි කාන්තා නියෝජනයෙහි මුළු එකතුව 54,090ක් වන අතර, එහි ප්‍රතිශතය  53.58ක් ලෙස දැක්විය හැක.

(ii) 30768

(iii) 1465

(ආ) ශ්‍රී ලංකා පරිපාලන සේවය      - 1039

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය     -   192

ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය    -   151

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවය    -  24

ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය - මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සේවය    - සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වේ.

(ඇ) අදාළ නොවේ. 

පිළිතුරු දුන් දිනය

2014-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks