01

E   |     |  

 දිනය: 2014-11-10   පිළිතුර ලබා දී ඇත 

4323/2014: විල්පත්තු ජාතික වනෝද්‍යානය: බොරලු කැපීම

4323/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මොල්ලිකුලම් - සිලාවතුර මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය බොරලු ලබා ගැනීමට මහා පරිමාණයේ බොරලු කැපීමක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ, කළාප අංක 4 ට අයත් බොරලුවල ප්‍රදේශයේ සිදු කරන බවත්;

  (ii)  තන්තිරිමලේ වන අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරියාගේ අනුග්‍රහය මේ සඳහා ලැබෙන බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 3, 5, 6 වගන්ති සියල්ලම ඉහත (අ) (i)හි සඳහන් ක්‍රියාව නිසා උල්ලංඝනය වන බව පිළිගන්නේද;

  (ii)  එසේ නම්, මාග ඉංජිනේරු පුද්ගලික සමාගමට ඉහත ප්‍රදේශයේ බොරලු කැපීම සඳහා නිර්දේශ ලබා දු‍න් අය කවුරුන්ද;

  (iii)  විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පරිසරයට විශාල හානියක් වන එම ක්‍රියාවලිය වහාම නතර කිරීම සඳහා කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-10

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      අතීතයේ සිටම මොල්ලිකුලම් - සිලාවතුර මාර්ගයේ විල්පත්තු ජාතික උද්‍යානය තුළින් ගමන් ගන්නා මාර්ග කොටසේ  ඉදිකිරීම් හා නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය බොරලු මෙම විල්පත්තු ජාතික උද්‍යානයේ කලාප අංක 04 ට අයත් මොල්ලිකුලම සිලාවතුර මාර්ගය ආසන්නයේ පිහිටි බොරලු වළෙන් ලබා ගැනීම සිදු කරනු ලබයි.

              (ii)      තන්තිරිමලේ වන අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරියාගේ අනුග්‍රහය විල්පත්තු ජාතික උද්‍යානයේ බොරලු කැපීම සඳහා ලැබෙන බවට පැමිණිලි ලැබී නැත.

 (ආ) (i) නැත.

(ii) මාගා ඉංජිනේරු පුද්ගලික සමාගමට හෝ වෙනත් කිසිම ආයතනයක් වෙත උද්‍යානය තුළින් බොරලු කැපීම සඳහා නිර්දේශ හෝ අවසර ලබා දී නොමැත. මාගා ඉංජිනේරු ආයතනය විසින් විල්පත්තු ජාතික උද්‍යානය තුළ වන සතුන්ට අවශ්‍ය ජලය සැපයීම සඳහා වැව් සෑදීමට ඉල්ලීමක් කළ අතර, වැව් තුනක් සෑදීම සඳහා කොන්දේසි සහිතව අනුමැතිය ලබා දී ඒවා සාදා නිමකර ඇත.

(iii) විල්පත්තු ජාතික උද්‍යානයේ පරිසරයට හානි වන බොරලු කැපීමේ ක්‍රියාවක් මේ වන විට සිදු නොවේ. 

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නවීන් දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks