පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4320/’13
ගරු අනෝමා ගමගේ මහත්මිය,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2013 වර්ෂයේ අගෝස්තු මස අවසානය වන විට දිවයිනේ වී ගබඩාවල තිබූ වී තොග ප්‍රමාණය කොපමණද;
(ii) එම වී තොග පසුගිය මහ කන්නයේ මිලදී ගනු ලැබූ ඒවාද;
(iii) නොඑසේ නම්, ඊටත් වඩා පැරණි වී තොග එම ගබඩා තුළ තිබුණේද;
(iv) එම වී තොග ජනතාවගේ පරිභෝජනය සඳහා නිකුත් නොකිරීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2013 වර්ෂයේ යල කන්නය සඳහා අපේක්ෂා කරන ලද වී අස්වැන්න කොපමණද;
(ii) එම අස්වැන්න මිලදී ගැනීමට හා ගබඩා කිරීමට සැලසුම් කරනු ලැබුවේද;
(iii) එම වැඩසටහන කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-21
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) සම්බා මෙට්‍රික් ටොන් 32,256
නාඩු මෙට්‍රික් ටොන් 130,494
(ii) ඔව්.
(iii) 2012 යල කන්නයේ සහ 2012/2013 මහ කන්නයේ මිලදී ගත් වී තිබුණි.
(iv) සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) මඟින් සහල් කොට ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට සහන මිලට අළෙවි කරන ලදී.
(ආ) (i) මෙට්‍රික් ටොන් 1,558,268
(ii) ඔව්
(iii) ඇමුණුම්* 1හි දක්වා ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks