04

E   |     |  

 දිනය: 2014-03-19   පිළිතුර ලබා දී ඇත 

4218/2014: රාජ්‍ය සේවයේ යහපාලනය තහවුරු කිරීම: පියවර

4218/’13

 

ගරු අජිත් පී. පෙරේරා මහතා,— යහපාලනය හා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය සේවයේ යහපාලනය තහවුරු කිරීම සඳහා ඉහත අමාත්‍යධූරය භාරගත් දින සිට ‍ගෙන ඇති පියවර  කවරේද;

            (ii)       රාජ්‍ය සේවයේ යහපාලනය සනාථ කිරීම සඳහා අනාගතයේදී ගැනීමට අපේක්ෂා කරන පියවර කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-19

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

යහපාලනය හා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      අමාත්‍ය ධුරය භාර ගත් දින සිට යහපාලනය උල්ලංඝනය වීම් හෝ යහපාලනය නොමැති අවස්ථාවන් පිළිබඳව මහ ජනතාවගෙන් ඉදිරිපත් වන පැමිණිලි වෙනුවෙන් පහත ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.

                        1.     මා වෙත ඉදිරිපත් කරන සියලුම මහජන නියෝජන හා දුක්ගැනවිලි මවිසින‍්ම පරීක්ෂා කිරීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලය මඟින් අදාළ ආයතන වෙත යොමු කිරීම සිදු කරනු ඇත. විශේෂ අවස්ථාවලදී ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලයේ ලේකම්තුමා විසින් අදාළ පාර්ශ්වයන් කැඳවා ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීම සඳහා ක්ෂණික විසඳුම් ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.

2. යහ පාලනය ක්‍රියාත්මක කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලය මඟින් www.seniorminsec.gov.lk නමින් වෙබ් ‍අඩවියක් දියත් කර එමඟින්ද, මහජන දුක්ගැනවිලි කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමට අවකාශ සලස්වා ඇත.

3.  රාජ්‍ය අංශයේ ආරාවුල් හා වැඩ වර්ජන බහුල වෙමින් පවතින හෙයින් ඉන් මහජනයාට අගතියක් සිදු වන අතර, ආර්ථිකයට අහිතකර බලපෑම් සිදු වන බැවින්, එම ආරාවුල් සමථයකට පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික හා මූල්‍ය සහාය ඇතිව රාජ්‍ය අං‍ශයේ ආරාවුල් සමථයකට පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත. එහි නියමු ව්‍යාපෘතිය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරමින් පවතී.

(ii)  දැනට සකස් කර ඇති ආරාවුල් සමථයකට පත් කිරීමේ ක්‍රමවේදය ත්‍රිවැදෑරුම් වේ. එනම්, කතිකාවත/විචාරණය, මැදිහත් වීම සහ බේරුම්කරණයයි. සේවකයින් සහ කළමනාකරණය එක්ව ආරාවුල් වැළැක්වීම සහ බේරුම් කිරීම සඳහා වඩා පිළිගත හැකි ක්‍රමයක් මෙම ක්‍රමවේදය තුළින් සැලසෙනු ඇත.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණය සඳහා මාගේ අධීක්ෂණය ය‍‍ටතේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ලේකම් කාර්යාලය වෙත වගකීම පැවරෙන අතර, එහි ක්‍රියාකාරිත්වය සඳහා වගකීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැවරේ. මෙමඟින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පහත පරිදි වේ.

රාජ්‍ය සේවයේ කාර්මික ආරාවුල් සහ වැඩ වර්ජන පිළිබඳ තොරතුරු එක් රැස් කර දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පවත්වන ලද රාජ්‍ය සේවයේ ආරවුල් විසඳීම හා කතිකාවත පිළිබඳ නියාමක පියවරේ ක්‍රියාකාරකම් අනිකුත් අමාත්‍යාංශවලට දීර්ඝ කිරීමට කටයුතු කරනු ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වග කීම රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඉටු කරනු ඇත.

මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පහසු කර ලීම සඳහා ආයතන සංග්‍රහයට සහ රාජ්‍ය සේවයේ අදාළ පටිපාටිවලට අවශ්‍ය සංශෝධන සිදු කිරීමට නියමිතය.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2014-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රත්නසිරි වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks