බලන්න

04

E   |     |  

 දිනය: 2013-09-06   පිළිතුර ලබා දී ඇත 

4173/2013: බඳවා ගැනීමේ පරිපාටිය හා වැටුප් ව්‍යුහය: මහ බැංකුව

4173/’13

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය යටතට ගැනෙන  ව්‍යවස්ථාපිත ආයතනයක්ද;

             (ii)      නොඑසේ නම්, එය අමාත්‍යාංශ වගකීමක් රහිත ස්වාධීන ආයතනයක්ද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) ශ්‍රි ලංකා මහ බැංකුවේ,

(i) ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා කවුරුන්ද;

(ii) මුදල් මණ්ඩලයේ කාර්යභාරය කවරේද;

(iii) කළමනාකරණ හා පරිපාලන තීරණවල අවසන් බලධරයා කවුරුන්ද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ශ්‍රී ලංකා මහ බැංකුවට සේවකයින් බඳවා ගැනීමට අදාළව අනුමත පරිපාටියක් හා වැටුප් ව්‍යුහයක් තිබේද;

        (ii) එසේ නම්, එය අනුමත කර ඇති බලධාරියා කවුරුන්ද;

        (iii) ඒ සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ හා  කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය ලබා දී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩල වැටුප් ප්‍රතිශෝධනය කරන ආකාරය  සහ ඒ සඳහා යොදා ගන්නා නිර්නායකයන් කවරේද;

     (ii) ඉහත (ඇ)(i)හි සඳහන් අනුමත බඳවා ගැනීමේ පරිපාටිය  හා වැටුප් ව්‍යුහය සභාගත කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-09-06

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)        නැත.

               (ii)         ඔව්.

(ආ)          (i)         මහ බැංකු අධිපති

               (ii)      මුදල් මණ්ඩලයේ කාර්ය භාරය 1949 අංක 58 දරන මුදල් නීති පනතේ දක්වා ඇත.

              (iii)         මුදල් මණ්ඩලය

(ඇ)           (i)        ඔව්.

               (ii)         මුදල් මණ්ඩලය

              (iii)         මුදල් නීති පනතේ 10. (අ) වගන්තිය  අනුව මහ බැංකුවේ නිලධාරින්ගේ හා සේවකයන්ගේ වැටුප් හා වේතන හෝ පාරිශ්‍රමිකයන් නියම කිරීම සහ ඔවුන්ගේ සේවා කොන්දේසි නිර්ණය කිරීමට මුදල් මණ්ඩලයට බලය ඇති බැවින්, ඒ සඳහා ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

(ඈ) (i)  මුදල් නීති පනත අනුව මහ බැංකුවේ නිලධාරින්ගේ සහ සේවකයන්ගේ වැටුප් හා වේතන හෝ පාරිශ්‍රමිකයන් නියම කිරීම සහ ඔවුන්ගේ සේවා කොන්දේසි නිර්ණය කිරීමට මුදල් මණ්ඩලයට බලතල ඇත. ඒ අනුව මහ බැංකුවේ සියලු වෘත්තිය සමිති සමඟ සාමූහික ගිවිසුමක් අත්සන් කිරිම මඟින් සාමාන්‍යයෙන් සෑම වසර තුනකටම වරක් සිය සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා මහ බැංකුව කටයුතු කරනු ලබයි.

(ii)  ඉහත (ඇ) (i) හි සඳහන් බඳවා ගැනීමේ පටිපාටිය හා වැටුප් ව්‍යුහය, 2007 වසරේ කළමනාකරණ අභ්‍යාසලාභීන්  සහ බැංකු සහායකයින් බඳවා ගැනීම සඳහා අදාළ වන පුවත් පත් දැන්වීමේ දක්වා ඇත. එම විස්තර  ඇමුණුම වශයෙන් සභාගත* කරනවා.

(ඉ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2016-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර්  මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks