01

E   |     |  

 දිනය: 2013-12-17   පිළිතුර ලබා දී ඇත 

4172/2013: ධාවනය නොකර නවතා තබා ඇති ශ්‍රීලංගම බස් රථ : ගම්පහ දිස්ත්‍රික්කය

4172/’13

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ සහ වෙනත් භුමි තුළ දින 30 කට වැඩි කාලයක් ධාවනයේ නොයොදවා නවතා තබා ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;

(ii) එම බස් රථ ධාවනය නොකර නවතා තබා ගැනීමට හේතු කවරේද;

(iii) එම බස් රථ නැවත ධාවනය කරවීම සඳහා අලුත්වැඩියාකිරීමට සිදුවේ නම්, ඒ සඳහා අවශ්‍ය වන මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ) (i) සුනාමි ව්‍යසනයෙන් පසුව  ආධාර වශයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ලැබුණු බස් රථ සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වන විට එම බස් රථ අතරින් ධාවන තත්ත්වයේ පවතින බස් රථ සංඛ්‍යාව කොපමණද; 

(iii) 2012 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ‍සඳහා ආනයනය කර ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;  

(iv) ඒ සඳහා වැය කළ මුදල කොපමණද;

‍යන්න එතුමා සඳහන් කරන්නෙහිද?      

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-17

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 (අ)          (i)      193කි.

              (ii)      එන්ජින්, ගියර් පෙට්ටි, බොඩි අලුත්වැඩියා ඇතුළු සියලුම අලුත්වැඩියා  කටයුතු සිදු කළ යුතු බැවින් එම බස් රථ ධාවනයෙන් ඉවත් කර ඇත.

             (iii)      රුපියල් 33593000.00කි.  (තිස්තුන් මිලියන පන්ලක්ෂ  අනූතුන්දහසකි.)

(ආ)          (i)      බස් රථ 201කි.

              (ii)      බස් රථ 52කි.

             (iii)      ආසන 54 බස් රථ සංඛ්‍යාව - 120

                          ආසන 33 බස් රථ සංඛ්‍යාව - 281

(iv) රුපියල් මිලියන 1496.9කි.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-12-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks