01

E   |     |  

 දිනය: 2014-03-06   පිළිතුර ලබා දී ඇත 

4105/2014: කුමාරතැන්න ගම්මානය : පහසුකම්

4105/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු   අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ මැතිවරණ කොට්ඨාසයට අයත් “කුමාරතැන්න” ගම්මානයේ,

             (i)      ජීවත්වන පවුල් සංඛ්‍යාව කොපමණද;   

  (ii)   ප්‍රවේශ මාර්ගය පිළිසකර කිරීම වෙනුවෙන් “අන්තර් ගම්මාන” වැඩ සටහන යටතේ මුදල් වෙන්කර තිබේද;

  (iii)  ඉහත මාර්ගය සඳහා මුදල් වෙන් කර තිබේ නම්, එම මුදල් ප්‍රමාණය කොපමණද;

  (iv)  එම මාර්ගයේ වැඩ නිම කිරීමට නියමිත දිනය කවරේද;

  (v)  පාසලේ ගුරුවරුන් සංඛ්‍යාව සහ සිසුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් ‍කොපමණද;

  (vi)  ගම්වාසීන්ට වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා රෝහලක් පිහිටා ඇති ප්‍රදේශය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද ?

 

අසන ලද දිනය

2014-03-06

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු විජය දහනායක මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு விஜய தஹநாயக்க- பொதுநிருவாக, உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)

(The Hon. Wijaya Dahanayake - Deputy Minister of Public Administration and Home Affairs)

ගරු කථානායකතුමනි,  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර ලබා දෙනවා.

(අ)          (i)      කුමාරතැන්න ගම්මානය, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වෙලන්විට ග්‍රාම නිලධාරි කොට්ඨාසයට අයත් ගම්මානයකි. එහි මේ වන විට පවුල් 39ක් ජීවත් වේ.

(ii) මෙම ගම්මානයේ ප්‍රවේශ මාර්ගය පිළිසකර කිරීම වෙනුවෙන් "අන්තර් ගම්මාන වැඩසටහන" යටතේ මුදල්වෙන් කර ඇත.

             (iii)      එම මුදල රුපියල් මිලියන 40කි.

             (iv)      එම මාර්ගයේ පිළිසකර කිරීමේ කටයුතු නිම කිරීමට ඇත්තේ 2014  සැප්තැම්බර් මස 30 වන දිනය.

              (v)      පාසලේ නම - කුමාරතැන්න කනිෂ්ඨ විද්‍යාලය 

ගුරුවරුන් සංඛ්‍යාව

සිසුන් සංඛ්‍යාව

පිරිමි

ගැහැනු

පිරිමි

ගැහැනු

02

-

08

11

             (vi)      කොස්ලන්ද දිසා රෝහල - ගම්මානයේ සිට දුර කිලෝමීටර 20කි.

(ආ) පැන නො නඟී.

පිළිතුරු දුන් දිනය

2014-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී.එම්. ස්වාමිනාදන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks