04

E   |     |  

 දිනය: 2013-11-05   පිළිතුර ලබා දී ඇත 

4098/2013: Metrology Department-Inaccurate Predictions

4098/’13

 

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)         (i)      කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලබන කාලගුණ අනාවැකිවල නිරවද්‍යතාව පිළිබඳව ගැටලු පවත්නා බවත්;

             (ii)      අවම වශයෙන් විදේශ රටවලින් සන්නිවේදනය කරන, ශ්‍රී ලංකාවට බලපාන අයහපත් කාලගුණික තත්ත්ව පිළිබඳ අනාවැකි විමසා බලා හෝ ඒ පිළිබඳව කල්තබා ජනතාව වෙත දැනුම්දීමට එම දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදීම අපොහොසත් වී ඇති බවත්;

(iii) නිවැරදි කාලගුණික අනාවැකි නිසි කලට නිකුත් නොකිරීම නිසා රටවැසියන්ට, විශේෂයෙන් ධීවර ප්‍රජාවට  බරපතල ජීවිත හා දේපළ හානිවලට මුහුණදීමට සිදුවී ඇති බවත්;

(iv) නිවැරදිව හා නිසි කලට අනාවැකි පළකිරීම සඳහා එම දෙපාර්තමේන්තුව සතු පූර්ව අනතුරු ඇඟවීම් පද්ධතිය නවීන තාක්ෂණය අනුව වහා නවීකරණය කිරීමේ  අවශ්‍යතාවක් පවතින බවත්;

එතුමා දන්නෙහිද?      

(ආ) (i) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක පටන්ම පවත්නා කාලගුණ විද්‍යාඥ තනතුරු පුරප්පාඩු පිරවීමට අවශ්‍ය පියවර ගෙන තිබේද;

(ii) එම පුරප්පාඩු සියල්ල නිශ්චිත ලෙසම පුරවනු ලබන දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-11-05

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks