පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3903/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහවැලි ගඟ ආශ්‍රිතව වැලි ගොඩ දැමීමට අවසරය ලබා දිය හැකි සමූපකාර සමිති පිහිටුවීමට අවසර ලබා දී තිබේද;
(ii) මහවැලි ගඟෙන් ගොඩ දමනු ලබන වැලි ප්‍රවාහනයේ දී යම් ගාස්තුවක් අය කරන්නේද;
(iii) එසේ නම්, එම ගාස්තු අය කරනු ලබන පාර්ශ්වයන් කවුරුන්ද;
(iv) වැලි ගොඩ දැමීමේ බලපත්‍රයක් ලබා දීමට අය කරනු ලබන මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-02-06
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පරිසර හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
(ii) ඔව්.
(iii) ප්‍රවාහන ගාස්තු අය කරනු ලබන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසිනි.
(iv) වැලි ගොඩ දැමීමේ බලපත්‍රයක් ලබා දීමට අය කරනු ලබන මුදල බලපත්‍ර වර්ගය අනුව පහත සඳහන් පරිදි වෙනස් වේ.
ශිල්පීය කැණීම් බලපත්‍ර "අ" කාණ්ඩයේ ගාස්තුව - රුපියල් 3,660යි.
ශිල්පීය කැණීම් බලපත්‍ර "ආ" කාණ්ඩයේ ගාස්තුව - රුපියල් 1,525යි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks