පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3859/’13
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක කෙරෙන,
(i) “නැණසල” ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තුඩු දුන් හේතු කවරේද;
(ii) දැනට ක්‍රියාත්මක වන නැණසල මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;
(iii) නැණසල ව්‍යාපෘතිය මගින් ලබා දෙන පුහුණුවේ විශේෂත්වය කුමක්ද;
(iv) නැණසල ව්‍යාපෘතියේ අනාගත සැලසුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-22
අසන ලද්දේ
ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු රංජිත් සියඹලාපිටිය මහතා (විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමා)
(மாண்புமிகு ரஞ்ஜித் சியம்பலாபிட்டிய - தொலைத் தொடர்புகள், தகவல் தொழில்நுட்பவியல் அமைச்சர்)
(The Hon. Ranjith Siyambalapitiya - Minister of Telecommunication and Information Technology)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) මේ සඳහා වූ ප්‍රධාන හේතුව වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට නවීන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් සැපයීමයි. අන්තර්ජාලය, පරිගණක, ඊ-මේල්, ෆැක්ස් වැනි නවීන තොරතුරු තාක්ෂණ පහසුකම් ඉතා සාධාරණ මිලකට සැපයීම තුළින් ග්‍රාමීය ජනතාව ශීඝ්‍රයෙන් දියුණු වන තොරතුරු සමාජයේ කොටස්කරුවන් බවට පත් කිරීම මෙහි අරමුණ වේ. ඒ තුළින් පොදුවේ රටේ සාමාන්‍ය ජනතාවගේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව ඉහළ නැංවීමද අරමුණක් විය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ඉ-ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙය දැනට සාර්ථකව ක්‍රියාත්මක වේ.
(ii) දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් නැණසල මධ්‍යස්ථාන 699ක් දැනට ක්‍රියාත්මක වේ.
(iii) මෙම ව්‍යාපෘතිය මඟින් මූලිකව නැණසල ක්‍රියාකරුවන්ට පරිගණක මෙවලම් භාවිතය ගැන පුහුණුවක් ලබා දෙන අතර, නැණසලක් ඵලදායී ලෙස පවත්වාගෙන යෑම පිළිබඳ සාමාන්‍ය ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා දේ. නැණසල මධ්‍යස්ථානවලට පැමිණෙන පිරිස් සඳහා විවිධ මට්ටමේ පරිගණක පුහුණු පාඨමාලා පවත්වාගෙන යනු ලබන අතර, අන්තර්ජාතික පරිගණක මෙහෙයුම් බලපත්‍ර වැනි පිළිගත් සහතික පත්‍ර පාඨමාලා සඳහාද නැණසල තුළින් පුහුණුවක් ලබා ගත හැකිය. මේවායෙහි විශේෂත්වය වනුයේ සාධාරණ මිලකට ලබා දීමත්, දේශීය භාෂාවන් තුළින් පවත්වාගෙන යෑමත්ය.
(iv) 1. එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට නැණසල මධ්‍යස්ථාන 03ක් ඇතුළත් වන පරිදි වර්ග කිලෝමීටර් 05ක් ඇතුළත එක් නැණසල මධ්‍යස්ථානයක් පිහිටුවීම. මේ අනුව ඉදිරි සැලසුම් සකස් කර ඇත.
2. රජයෙන් සැපයෙන ඉ-පුරවැසි සේවාවන් නැණසල මධ්‍යස්ථාන හරහා ග්‍රාමීය ප්‍රජාවට ලබා දීමට අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks