01

E   |     |  

 දිනය: 2014-05-23   පිළිතුර ලබා දී ඇත 

3823/2014: ලේ පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහිත රෝහල් : අනුරාධපුර දිස්ත්‍රික්කය

3823/’13

 

ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වකුගඩු රෝගීන්ගේ ලේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන රෝහල් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම රෝහල් කවරේද;

           (iii)       එම එක් එක් රෝහලේ ඇති ලේ පිරිසිදු කිරීමේ  යන්ත්‍ර සංඛ්‍යාව කොපමණද;

  (iv)  එම එක් එක් රෝහලේ එක් දිනක් තුළ ලේ පිරිසිදු කිරීම් සඳහා භාජනය වන රෝගීන් සංඛ්‍යාව කොපමණද;

  (v)  වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ කාර්යයන් සඳහා අනුයුක්ත කර ඇති වෛද්‍යවරුන්  සහ හෙද කාර්ය මණ්ඩලය එම එක් එක් රෝහල අනුව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති සෞඛ්‍ය සේවා කාර්යාල සංඛ්‍යාව කොපමණද;

  (ii)  එම කාර්යාල හරහා මේ වන විට හඳුනාගෙන ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  අනුරාධපුර මහ රෝහලේ වකුගඩු බද්ධ කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේද;

  (ii)  එසේ නම්, එම කටයුතු ආරම්භ කළ දිනය කවරේද;

  (iii)  වකුගඩු බද්ධ කිරීමක් දැනට සිදු නොකරන්නේ නම්, එයට ඇති අපහසුතා කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-23

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      02කි.

       (ii)      අනුරාධපුර ශික්ෂණ රෝහල සහ පදවිය මූලික රෝහල

             (iii)      අනුරාධපුර ශික්ෂණ රෝහල - 30යි.

                        පදවිය මූලික රෝහල - 05යි.

      (iv)      අනුරාධපුර ශික්ෂණ රෝහල - 60යි.

            පදවිය මූලික රෝහල - 06යි.

       (v)     

කාර්ය මණ්ඩල

කාණ්ඩය

අනුරාධපුර ශික්ෂණ රෝහල

පදවිය මූලික රෝහල

විශේෂඥ වෛද්‍ය නිලධාරින්

02

01

වෛද්‍ය නිලධාරින්

01

02

හෙද හෙදියන්

14

04

 (ආ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සංඛ්‍යාව 19කි.

(ii) 11,121කි.

(ඇ) (i) ඔව්.

(ii) 2012 අගෝස්තු මස සිට එම ශල්‍යකර්ම සිදු කිරීම අරඹන ලදී.

(iii) අදාළ නොවේ.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පී. හැරිසන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks