පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3749/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— මහාමාර්ග, වරාය හා නාවික අමාත්යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටුවා ඇති කැනොවින් ආකේඩ් සේවා ස්ථානයේ හිමිකාරීත්වය දරන අය කවුරුන්ද;
(ii) එම සේවා ස්ථානයෙන් රජයට ආදායමක් ලැබෙන්නේද;
(iii) එසේ නම්, එම ආදායම ලැබෙන ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-22
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්යාංශය
මහාමාර්ග, වරාය හා නාවික
ව්යවස්ථාදායකය
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් ආයතනයක් වන කැනොවින් හොටෙල් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගම. (විවේක ගැනීමේ ප්රදේශ සංවර්ධනය කිරිම, පවත්වාගෙන යාම සහ නඩත්තු කිරීම සඳහා අදාළ භූමිය බදු පදනම මත මෙම ආයතනයට ලබා දී ඇත.)
(ii) ඔව්.
(iii) ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී මුදලින් රුපියල් මිලියන 21.8ක් ගෙවා ඇත. තවද වාර්ෂිකව රු. 20,000 බැගින් ගෙවීමක් කරනු ලබයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-11-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්රී ලංකාවේ මැතිවරණ ක්රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks