01

E   |     |  

 දිනය: 2014-03-07   පිළිතුර ලබා දී ඇත 

3700/2014: ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: අළෙවි ප්‍රතිශතය

3700/’13

 

ගරු අනුර දිසානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළ තුළ පෙට්‍රල්, ඩීසල් හා සුපිරි ඩීසල් යන එක් එක් ඉන්ධන වර්ගවලට අදාළව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අත්පත් කරගෙන සිටින අලෙවි ප්‍රතිශතයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)  එම ප්‍රතිශතයන්ට අදාළ එක් එක් ඉන්ධන ලීටර් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හැර ශ්‍රී ලංකාව තුළ ඉන්ධන අලෙවියේ යෙදෙන  වෙනත් සමාගමක් තිබේද;

  (ii)  එසේ නම්,  ඉන්ධන වෙළඳපොළ තුළ  එම සමාගම  පෙට්‍රල්, ඩීසල් සහ සුපිරි ඩීසල් අලෙවියේදී අත්පත්කර ගෙන ඇති ප්‍රතිශතයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  එම ප්‍රතිශතයන්ට අදාළ ඉන්ධන ලීටර් ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොමැති විශේෂ බදු සහන එම සමාගම වෙත පිරිනමා තිබේද;

  (v)  එසේ නම්, එම සහන ලබාදී ඇති කාල සීමාව කවරේද;

  (vi)  එවැනි විශේෂ වරප්‍රසාදයන් එම සමාගම වෙනුවෙන් ලබා දීමට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-07

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

*  සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

*  Answer tabled:

 

(අ)   (i)

 

 

ඉන්ධන වර්ගය

ප්‍රතිශතය (%)  (2013 වර්ෂය තුළ)

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්

81

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්

76

ලංකා සුදු ඩීසල්

91

ලංකා සුපර් ඩීසල්

85

 

     (ii)

 

 

ඉන්ධන වර්ගය

ප්‍රතිශතය (%) (2013 වර්ෂය තුළ)

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්

19

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්

24

ලංකා සුදු ඩීසල්

  9

ලංකා සුපර් ඩීසල්

15

(ආ)   (i)    ඔව්.

       (ii) 

 

ඉන්ධන වර්ගය

ලීටර් ප්‍රමාණය (2013 වර්ෂය තුළ)

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්

   785,225,953

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්

     56,076,900

ලංකා සුදු ඩීසල්

 1,842,656,881

ලංකා සුපිරි ඩීසල්

     28,132,100

      (iii)

 

ඉන්ධන වර්ගය

ලීටර් ප්‍රමාණය (2013 වර්ෂය තුළ)

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්

189,274,800

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්

  17,648,400

ලංකා සුදු ඩීසල්

187,136,300

ලංකා සුපර් ඩීසල්

    4,837,800

(iv) නැත.

(v) පැන නොනඟී.

(vi) පැන නොනඟී.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2014-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks