පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3683/’13
ගරු නිමල් විජේසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2005 වර්ෂයේ සිට මේ දක්වා කාල සීමාව තුළ ක්‍රියාත්මක කළ තිරසාර කෘෂිකර්ම ජල කළමනාකරණ ව්‍යාපෘති අදියර I හා II හි අරමුණු කවරේද;
(ii) එම අරමුණු ළඟා කර ගැනීම සඳහා මෙතෙක් දරා ඇති ප්‍රයත්නයන් කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) 2012 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ලද වගා ව්‍යාපෘතීන්හි වර්තමාන තත්ත්වයන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) කාබනික පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීමේ වැඩසටහන් තුළින් මෙතෙක් දරා ඇති ප්‍රයත්නයන් කවරේද;
(ii) ඊට අදාළව ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-25
අසන ලද්දේ
ගරු ගරු නිමල් විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(மாண்புமிகு தினேஷ் குணவர்தன)
(The Hon. Dinesh Gunawardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ප්‍රධාන වශයෙන් වියළි කලාපයේ ගොවීන් සඳහා සූර්ය බලය උපයෝගීකොට ගෙන බිංදු ජල සම්පාදන සමඟ ජලය හා පොහොර භාවිතය කාර්යක්ෂම කිරීම සහ යෙදවුම් සඳහා යන වියදම් අඩු කිරීම මඟින් එළවලු සහ අතිරේක ආහාර බෝගවල නිෂ්පාදනය වැඩි දියුණු කිරීම.
(ii) * සූර්ය බල ජල සූක්ෂම පද්ධති 10,105ක් දිස්ත්‍රික්ක 18ක ගොවීන් වෙත සහන ගෙවීම් පදනමකින් ලබාදීම.
* ඒවායේ ක්‍රියාකාරිත්වය, උපයෝජනය හා භෝග නිෂ්පාදනය පිළිබඳ ගොවීන් පුහුණු කිරීම.
* එම පද්ධති සවි කිරීම්, අලුත්වැඩියා කිරීම් සහ අනෙකුත් තාක්ෂණික සහය ෆෝසයිට් ඉංජිනියරින් පුද්ගලික සමාගම මඟින් නොමිලේ සිදු කිරීම.
(ආ) 1. ගොවිපොළ සංවර්ධන වැඩසටහන යටතේ; කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපොළවල් 40කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධනය කර ඇත.
2. අතිරේක ආහාර බෝග නිෂ්පාදන වැඩසටහන යටතේ;
(i) හෙක්ටයාර් 6113ක අතිරේක ආහාර බෝග වගා කර ඇත.
(ii)අර්තාපල් බීජ නිෂ්පාදනයට නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවල පොලිතින් ගෘහ ඉදිකර, ගොවීන් 2566ක් පුහුණු කර ඇත.
3. පලතුරු බෝග නිෂ්පාදන වැඩසටහන යටතේ; වගා පුනරුත්ථාපනය හා නව වගා පිහිටුවීමට රුපියල් මිලියන 23.6ක් වැය කර ඇත.
4. හදබිම අධිකාරිය මඟින් ක්‍රියාත්මක වැඩසටහන්
(i) රුපියල් මිලියන 1.67ක් වැය කරමින් සමෝදානික කෘෂි ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
(ii) අතිරේක ආහාර බෝග විශේෂීකරණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 4.56ක් වැය කර ඇත.
(iii) රණවිරු සහභාගිත්ව හා බෝග ඵලදායීතා වැඩසටහන යටතේ රුපියල් මිලියන 2.29 වැය කරමින් හමුදා කඳවුරු 30කට අවශ්‍ය කෘෂි උපකරණ ලබා දීම.
(ඇ) (i) * ව්‍යාපෘති දායකත්වයෙන් ගොවීන් සමඟ කොම්පෝස්ට් මෙ.ටොන් 250,889ක් නිෂ්පාදනය කර ඇත.
* කොම්පෝස්ට් නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ ගොවීන්, පාසල් සිසුන්, කොම්පෝස්ට් නිෂ්පාදකයින් 429,457 දෙනෙකු පුහුණු කර ඇත.
* කාබනික පොහොර හා රසායනික පොහොර යොදන වගාවන් සඳහා රසායනික පොහොර භාවිතය අඩු කර යෙදීමේ අවස්ථාව පෙන්වීමේ ආදර්ශන 36,920ක් සිදු කර ඇත.
* කොම්පෝස්ට් නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා කිලෝ ග්‍රෑම් 05 මුහුන් පැකැට් 80,778ක් නොමිලේ බෙදා දී ඇත.
* කොළ පොහොර වගා අක්කර 311ක් පිහිටුවා ඇත.
* පාසැල් 3,940ක කොම්පෝස්ට් නිෂ්පාදන ඒකක පිහිටුවා ඇත.
* කාබනික පොහොර නිෂ්පාදන හා භාවිතය දිරිගැන්වීම පිළිබඳව ගොවීන් හා සමාජයේ අනෙකුත් පුද්ගලයින් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය වැඩසටහන් ද පවත්වා ඇත.
(ii) * කොම්පෝස්ට් නිෂ්පාදනය ගොවීන් 300,000ක් සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකම සිදු කිරීම.
* කාබනික පොහොර ලෙස බෝග අවශේෂ භාවිතා කළ හැකි බෝග වර්ග තුන්වන කන්නයේ වගා කිරීම.
* කොම්පෝස්ට් නිෂ්පාදනය ඉක්මන් කිරීමට භාවිතා කරන "මුහුන්" නිෂ්පාදනය කර ගොවීන් අතරේ නොමිලේ බෙදා හැරීම.
* කොළ පොහොර, කාබනික දියර පොහොර ආදී විවිධ කාබනික පොහොර වර්ග නිෂ්පාදනය හා භාවිතයට දිරිගැන්වීම.
* වාණිජ නිෂ්පාදකයින් ප්‍රමිතියෙන් යුක්ත කොම්පෝස්ට් නිෂ්පාදනයට යොමු කිරීම.
* කාබනික පොහොර නිෂ්පාදනය හා භාවිතය දිරිගැන්වීම සඳහා වී වගා කරන ගොවීන් අතරේ කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ කට්ටලය බැගින් බෙදා දීම.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-09-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks