01

E   |     |  

 දිනය: 2013-07-24   පිළිතුර ලබා දී ඇත 

3678/2013: දේශගුණික තත්ත්වයන්ට ගැළපෙන පොල් ප්‍රභේද : අත්හදා බැලීම්

3678/’13

ගරු වික්ටර් ඇන්ටනි  මහතා,— පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ විටින් විට ඇතිවන විවිධ දේශගුණික තත්ත්වයන්ට සහ දැඩි නියඟයට ඔරොත්තු දීමට හැකි  පොල් ප්‍රභේද හඳුනාගෙන තිබේද;

  (ii)  ඒ සම්බන්ධයෙන් සිදු කළ  අත්හදා බැලීම්වල සාර්ථක අසාර්ථකභාවය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-24

අසන ලද්දේ

ගරු ගරු වික්ටර් ඇන්ටනි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

(අ)           (i)      ඔව්.

              (ii)      දැනට වගාකරුවන්ට නිර්දේශ කර ඇති CRIC60, CRISL 98 හා උසස් මව් ශාක පැළ විවිධ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන පොල් වර්ග වන අතර, ඒවා ලංකාවේ පොල් වගා කරන ඕනෑම ප්‍රදේශයක සිටුවීම සඳහා නිර්දේශ කරනු ලැබේ.

                        කෙසේ වුවද 2012 වර්ෂයේ වියළි කලාපයේ පැවතුන ආකාරයේ දීර්ඝ කාලීන නියඟයට ඔරොත්තු දෙන ආකාරයේ පොල් වර්ග නිෂ්පාදනය කිරීම සිදු කිරීම අපහසු අතර, එවැනි වූ දැඩි නියඟයකදී දැනට නිර්දේශ කර ඇති පොල් වර්ග පොල් පර්යේෂණ ආයතනයේ තෙතමන සංරක්ෂණ කටයුතු සමඟ ඒකාබද්ධව සිදු කිරීමෙන් එවැනි වූ දැඩි නියඟයකට මුහුණ දිය හැකි  ආකාරයට පොල් වගාව සිදු කළ හැක.

දැනට නිර්දේශිත දෙමුහුම් පොල් වර්ග හිතකර තත්ත්ව යටතේ අධික අස්වැන්නක් ලබා දෙන අතර මෙම දෙමුහුම් වර්ග අහිතකර තත්ත්ව යටතේද ප්‍රශස්ත අස්වැන්නක් ලබා දෙන අකාරයට වැඩිදියුණු කළ හැකිද යන නිරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින අතර ඒවා ක්ෂේත්‍රයේ පරීක්ෂා කිරීමේ කටයුතුද සිදු කරමින් පවතී.

(ආ) ඉහත පිළිතුර අනුව පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks