පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3618/’13
ගරු රෝසි සේනානායක මහත්මිය,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සංචාරක ව්‍යාපාරයට සහ සංස්කෘතික වශයෙන් වැදගත්කමක් උසුලන “සීගිරිය” පුරාවිද්‍යා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු භාර වී තිබෙන ආයතනය කවරේද;
(ii) සීගිරියට ප්‍රවිෂ්ට වන බොරලු මාර්ගය ප්‍රතිසංස්කරණය සහ සීගිරිය අවට පවතින සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය සඳහා පියවර ගෙන තිබේද;
(iii) එසේ නම්, එම බොරලු මාර්ගයේ ප්‍රතිසංස්කරණය සිදු කරනු ලබන ආයතනය කවරේද;
(iv) සීගිරිය නගර සංවර්ධනයට පියවර ගෙන තිබේ නම්, එය සිදු කරනු ලබන ආයතනය කවරේද;
(v) සීගිරිය පුරාවිද්‍යා භූමිය ආශ්‍රිතව උපයනු ලබන ආදායම් හිමි වන පාර්ශ්වය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-11-28
අසන ලද්දේ
ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සංස්කෘතික හා කලා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සීගිරිය පුරා විද්‍යා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු බාරව කටයුතු කරන්නේ සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදල මඟිනි.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks