04

E   |     |  

 දිනය: 2013-10-25   පිළිතුර ලබා දී ඇත 

3616/2013: නීති විද්‍යාල ප්‍රවේශ විභාගය : විස්තර

3616/’13

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      වර්ෂ 2006 සිට 2011  දක්වා කාලය තුළ නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට  එක් එක් මාධ්‍ය අනුව පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) ඉහත එක් එක් වර්ෂයේදී එම විභාගය සමත් සිසුන්ගේ ප්‍රතිශතය එක් එක් මාධ්‍ය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර යතුරුලියනය කරනු ලබන්නේ කවරෙකු විසින්ද;

(iv) එය සිදු කරනු ලබන ස්ථානය කවරේද;

(v) නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍රවල සෝදුපත් පරීක්ෂා කරනු ලබන අය කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2011 වර්ෂයේ පැවති නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල ලේඛනයේ අයදුම්කරුවන්ගේ සම්පූර්ණ නම, ලිපිනය, ස්ත්‍රී/පුරුෂභාවය, පෙනී සිටි මාධ්‍ය වැනි මූලික කරුණු දක්වා තිබුණේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-25

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(a)          (i)

 

Year

Sinhala

Tamil

English

2006

7833

624

497

2007

6019

405

325

2008

6223

379

356

2009

7106

529

351

2010

6227

563

301

2011

5511

606

236

           (ii) 

 

 

Year

Sinhala

Tamil

English

2006

3.01

0.32

1.60

2007

3.78

2.22

7.69

2008

2.86

7.65

9.83

2009

2.96

4.34

8.26

2010

2.97

4.08

9.63

2011

2.41

12.0

14.83

(iii) Officers to whom such duties were entrusted by the Confidential Branch of the Department of Examinations, Sri Lanka.

(iv) At the Confidential Branch of the Department of Examinations, Sri Lanka.

(v) Officers to whom such duties were entrusted by the Confidential Branch of the Department of Examinations, Sri Lanka.

(b) Basic information was mentioned in the result sheet.

(c) Does not arise.    

පිළිතුරු දුන් දිනය

2014-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks