01

E   |     |  

 දිනය: 2014-03-06   පිළිතුර ලබා දී ඇත 

3609/2014: විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය :ගංවතුර හානි

3609/’13

 

ගරු පී. හැරිසන් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       2012 දෙසැම්බර් සහ 2013 ජනවාරි කාල සීමාවේදී හටගත් ගංවතුර හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,

              (i)      විපතට පත් පවුල් සංඛ්‍යාව;

            (ii)      පූර්ණ හා අර්ධ හානියට පත්වීම නිසා වන්දි ගෙවූ නිවාස සංඛ්‍යාව;

  (iii)  වන්දි නොගෙවූ පූර්ණ හා අර්ධ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ආ)  (i)  ඉහත ගංවතුර තත්ත්වයන් හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හානියට පත් වගාවන් කවරේද;

  (ii)  එම වගාබිම්වල  වපසරිය කොපමණද;

  (iii)  පූර්ණ හානියට පත්වූ හා අර්ධ හානියට පත් කුඹුරු අක්කර සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)  පූර්ණ හානියට පත් අනෙකුත් බෝග වර්ග වගාබිම් අක්කර සංඛ්‍යාව කොපමණද;

  (v)  පූර්ණ හානි සිදුවූ සහ අර්ධ හානි සිදුවූ කුඹුරු අක්කරයක් වෙනුවෙන් ලබා  දෙන වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (vi)  පූර්ණ හා අර්ධ හානි සිදුවූ අනෙකුත් අතිරේක බෝග වගා වෙනුවෙන් වන්දි ලබා දී තිබේද;

  (vii)  එසේ නම්, ලබා දී ඇති වන්දි මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (viii)  ඉහත සඳහන් පරිදි වන්දි ලබා නොදෙන්නේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-06

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

ගරු මහින්ද අමරවීර මහතා (ආපදා කළමනාකරණ අමාත්‍යතුමා)

(மாண்புமிகு மஹிந்த அமரவீர - அனர்த்த முகாமைத்துவ அமைச்சர்)

(The Hon. Mahinda Amaraweera - Minister of Disaster Management)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි. 

(අ)          (i)       25.

              (ii)       වන්දි ගෙවා නැත.

             (iii)       වන්දි නොගෙවන ලද පූර්ණ හානි නිවාස   සංඛ්‍යාව - 05

                          වන්දි නොගෙවන ලද අර්ධ හානි නිවාස               සංඛ්‍යාව - 20

(ආ)         (i)       වී, මිරිස්, බඩඉරිගු, උඳු, ‍ලොකු ලූනු, කුරක්කන්, මුංඇට,  රටකජු, කව්පි

              (ii)       හෙක්ටයාර් 2389.6යි.

             (iii)       පූර්ණ හානි සිදු වූ කුඹුරු ප්‍රමාණය -                  හෙක්ටයාර් 300  

                          අර්ධ හානි සිදු වූ කුඹුරු ප්‍රමාණය -                   හෙක්ටයාර්  2

             (iv)

බෝග වර්ගය

පූර්ණ හානියට පත්ප්‍රමාණය (හෙක්ටයාර්)

මිරිස්

66.8

බඩඉරිඟු

5.2

උඳු

814.4

ලොකු ලූනු

1.6

කුරක්කන්

2.8

මුංඇට

1.6

රටකජු

2

කව්පි

6

 

(v) පූර්ණ හානි සඳහා රුපියල් 25,000කි. අර්ධ හානි සඳහා  රුපියල් 12,500කි.

(vi) නැත.

(vii) අදාළ නොවේ.

(viii) ප්‍රධාන අතිරේක බෝග වර්ග සඳහා පමණක් වන්දි ලබා දීම සිදු කරයි.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2014-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks