logo

03

E   |     |  

 දිනය: 2014-03-05   පිළිතුර ලබා දී ඇත 

3607/2014: Floods-Dec 2012 -Jan 2013 Central Nuwaragam Palatha

3607/’13

 

ගරු පී. හැරිසන් මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)       2012 දෙසැම්බර් සහ 2013 ජනවාරි කාල සීමාවේ දී හටගත් ගංවතුර හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, මධ්‍යම නුවරගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,

              (i)      විපතට පත් පවුල් සංඛ්‍යාව;

  (ii)  පූර්ණ හා අර්ධ හානියට පත්වීම නිසා වන්දි ගෙවූ නිවාස සංඛ්‍යාව;

  (iii)  වන්දි නොගෙවූ පූර්ණ හා අර්ධ හානියට පත් වූ නිවාස සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ආ)  (i)  ඉහත ගංවතුර තත්ත්වයන් හේතුවෙන් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හානියට පත් වගාවන් කවරේද;

  (ii)  එම වගාබිම්වල  වපසරිය කොපමණද;

  (iii)  පූර්ණ හානියට හා අර්ධ හානියට පත් කුඹුරු අක්කර සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iv)  පූර්ණ හානියට පත් අනෙකුත් බෝග වගාබිම් අක්කර සංඛ්‍යාව කොපමණද;

  (v)  පූර්ණ හානි සිදුවූ සහ අර්ධ හානි සිදුවූ කුඹුරු අක්කරයක් වෙනුවෙන් ලබා  දෙන වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (vi)  පූර්ණ හා අර්ධ හානි සිදුවූ අනෙකුත් අතිරේක බෝග වගා වෙනුවෙන් වන්දි ලබා දී තිබේද;

  (vii)  එසේ නම්,  ලබා දී ඇති වන්දි මුදල් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (viii)  ඉහත සඳහන් පරිදි වන්දි ලබා නොදෙන්නේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-03-05

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)       පවුල් සංඛ්‍යාව 876යි.

              (ii)       වන්දි ගෙවන ලද පූර්ණ හානි නිවාස සංඛ්‍යාව -14

                         වන්දි ගෙවන ලද අර්ධ හානි නිවාස සංඛ්‍යාව - 08

             (iii)       වන්දි නොගෙවූ පූර්ණ හානි නිවාස සංඛ්‍යාව  -  02

                         වන්දි නොගෙවූ අර්ධ හානි නිවාස සංඛ්‍යාව  -     04

(ආ)        (i)       වී, උඳු, කුරක්කන්, බඩ ඉරිඟු, රට කජු, කව්පි

(ii) අක්කර 1,770යි.

(iii) පූර්ණ හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය -අක්කර 630

(iv) පූර්ණ හානියට පත් අනෙකුත් බෝග වගා බිම් ප්‍රමාණය - අක්කර 230

(v) පූර්ණ හානි සඳහා රු. 25,000කි. අර්ධ හානි සඳහා රු. 12,500 කි.

(vi) වන්දි ලබා දී නැත.

(vii) වන්දි ලබා දී නැත.

(viii) මේ වන තෙක් තක්සේරු කරන ලද හානි පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා වී නොමැති බැවින් වන්දි ගෙවීමක් සිදු කර නොමැත.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-03-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks