පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3588/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මාතර දිස්ත්‍රික්කයේ, මාතර, අකුරැස්ස, කඹුරුපිටිය මැතිවරණ කොට්ඨාසවල නිල්වලා ගඟ ආශ්‍රිතව ජීවත් වන ජනතාව ගඟෙහි සිටින කිඹුලන් නිසා දැඩි ජීවිත තර්ජනයකට මුහුණ පා ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ඉහත ප්‍රදේශයන්හිදී කිඹුලන් විසින් මරා දමන ලද පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පුද්ගලයින්ගේ නම්, ලිපිනයන් සහ එක් එක් පුද්ගලයා වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ වල පවත්නා කිඹුල් උවදුර මැඩලීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(iv) ඒ සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-03-07
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආපදා කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
(ආ) (i) 05
(ii)
|
මිය ගිය අයගේ නම |
ලිපිනය |
ලබා දුන් වන්දි මුදල |
|
එන්.කේ. සාගරිකා කුමුදුනී |
අංක 159, මාතර පාර, අකුරැස්ස |
රු. 15,000.00 |
|
වරුණි රණසිංහ |
කැකිරිහේන, දිගල, ලේනම, අකුරැස්ස |
රු. 15,000.00 |
|
පාතොටගේ කාන්ති |
ගනේගොඩහේන, කරගොඩ, උයන්ගොඩ |
රු. 15,000.00 |
|
ඩී.කේ.එන්. සත්සරණි |
කුඩාදූව, උතුරු මාලිම්බඩ, පාලටුව |
රු. 15,000.00 |
|
බී.පී. කමලා |
අබේගෙවත්ත, රජගල්ගොඩ, කරගොඩ, උයන්ගොඩ |
රු.15,000.00 |
(iii) කිඹුල් උවදුර අවම කිරීම සඳහා නිල්වලා ගඟේ ස්ථාන රැසක නාන කොටු ඉදි කර ඇත.
(iv) 2007 වර්ෂය - රුපියල් 7,000,000.00
2011 වර්ෂය - රුපියල් 4,308,891.18
2012 වර්ෂය - රුපියල් 2,000,000.00
2013 වර්ෂය - රුපියල් 2,118,330.00
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-03-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks