පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3577/’13
ගරු සුජීව සේනසිංහ මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අරාබි එමිරේට් රජයේ ඔසරෙන් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 175ක ණයක් ඉල්ලා තිබේද;
(ii) ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ගෙන තිබේද;
(iii) ලබා ගන්නා රුපියල් බිලියන 21 න් රුපියල් බිලියන 15 ක ණය මුදලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පියවීමට තිබේද;
(iv) ගුවන් තොටුපල සඳහා අවශ්‍ය ණය මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) අභ්‍යන්තර ගුවන් තොටුපලක් ඉදිකිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් රැසක් තිබියදී ඒ සඳහා නුවරඑළිය බොරලන්ද ප්‍රදේශයේ පිදුරුතලාගල වතුයාය තෝරාගැනීමට හේතුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-07
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු පියංකර ජයරත්න මහතා (සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා)
(மாண்புமிகு பியங்கர ஜயரத்ன - சிவில் விமானச் சேவைகள் அமைச்சர்)
(The Hon. Piyankara Jayaratne - Minister of Civil Aviation)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි.
(අ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අපැහැදිලිය.
(ආ) එවැනි ස්ථානයක් තෝරා ගෙන නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-10-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පියංකර ජයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks