01

E   |     |  

 දිනය: 2013-12-07   පිළිතුර ලබා දී ඇත 

3528/2013: ගාලු කොටුව පැරණි තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල : ප්‍රතිසංස්කරණය

3528/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ජාතික උරුමයන් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ගාලු කොටුව පැරණි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බවත්;

            (ii)      මේ වන විට එම ගොඩනැගිල්ල ගරාවැටෙමින් පවතින බවත්;

  (iii)  එම ගොඩනැගිල්ල පිහිටි භුමියෙහි බලහත්කාරයෙන් පදිංචි වූ පුද්ගලයන්  සිටින බවට ජනතාව චෝදනා කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ගාල්ල කොටුව පැරණි තැපැල් කාර්යාලය හා එහි සම්පත් භාවිතයට නොගෙන අත්හැර දැමීම ජාතික අපරාධයක් බවත්, එම කාර්යාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු රජයට ආදායමක් උපායාගත හැකි බවත් පිළිගන්නේද;

  (ii)  එසේ නම්, එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

  (iii)  ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද;

  (iv)  එසේ නම්, වෙන් කර ඇති මුදල කොපමණද;

  (v)  අලුත්වැඩියා කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

  (vi)  එම ගොඩනැගිල්ල පිහිටි ඉඩමේ බලහත්කාරයෙන් පදිංචි අය ඉවත් කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-12-07

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජාතික උරුමයන්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      මෙම ගොඩනැඟිල්ලේ වැඩි කොටසක් භාවිතයෙන් තොරව අබලන්ව පවතී. එහි කුඩා කොටසක තැපැල් කාර්යාලයක් පවත්වාගෙන යයි.

             (iii)      මෙම ස්ථානයේ බලහත්කාරයෙන් කිසිවෙකුත් පදිංචි නැත.

(ආ)         (i)      ඔව්.

             (ii)       දැනට මෙම ස්ථානයේ නිල වශයෙන් අයිතිය පැවරී ඇත්තේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරයාටයි. අවස්ථා කිහිපයකදී මෙම ගොඩනැඟිල්ල සංරක්ෂණය කිරීමට මගේ අමාත්‍යාංශය, ගාලු උරුමය පදනම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ දැනුවත්භාවයද සහිතව යෝජනා සහ ඇස්තමේන්තු සකස් කර ඇතත් ප්‍රතිපාදන හිඟය මත යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකිව ඇත.

‍ (iii) නැත.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(vi) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ජගත් බාලසූරිය මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks