01

E   |     |  

 දිනය: 2014-02-06   පිළිතුර ලබා දී ඇත 

3527/2014: ගරුමුණි වලව්ව : ප්‍රතිසංස්කරණය

3527/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— සංස්කෘතික හා කලා ක‍ටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  පිහිටි මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ගරුමුණි වලව්ව පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් බවත්;

  (ii)  එයට අයත් ගොඩනැගිලි මේ වන විට ගරා වැටෙමින් පවතින බවත්;

  (iii)  එම වලව්වට අයත් භුමියෙහි කොටස් බලහත්කාරයෙන් ඇතැම් පුද්ගලයින් අල්ලාගෙන සිටින බවට ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ගරුමුණි වලව්ව රජයට අමතර ආදායමක් උපයා ගැනීම සඳහා යොදා ගත හැකි බව පිළිගන්නේද;

  (ii)  එසේ නම්, එය ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

  (iii)  ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද;

  (iv)  එසේ නම්, වෙන් කර ඇති මුදල කොපමණද;

  (v)  ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;

 

  (vi)  එම වලව්වට අයත් භූමියේ කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අය ඉවත් කිරීමට කටයුතු කරන්නේද;

  (vii)  එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-02-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංස්කෘතික හා කලා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ටී. බී. ඒකනායක මහතා (සංස්කෘතික හා කලා කටයුතු  අමාත්‍යතුමා)

(மாண்புமிகு ரி. பி. ஏக்கநாயக்க - கலாசார, கலை அலுவல்கள் அமைச்சர்)

(The Hon. T.B. Ekanayake - Minister of Culture and the Arts)

ගරු කථානායකතුමනි, මම එම ප්‍රශ්නයට පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)      ඔව්.

              (ii)      නැත.

(iii) නැත.

 

(ආ) (i) ඔව්.

(ii) ඔව්.

(iii) ඔව්.

(iv) 2013 වර්ෂයේදී ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 06ක් වෙන් කර තිබූ අතර, 2014 වර්ෂයේදී එම ප්‍රමාණය රුපියල් මිලියන 8.75ක් දක්වා වර්ධනය වී ඇත.

(v) 2013.09.18

(vi) ඔව්.

(vii) 2012.06.25

 (ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2014-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ටී. බී. ඒකනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks