පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3362/’12
ගරු පී. හැරිසන් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;
(iii) එම ආයතනවල රජයේ වාහන ලබාදී ඇති නිලධාරීන් අයත් ශ්‍රේණි කවරේද;
(iv) එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) උක්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ඇති කුලී පදනම මත ලබාගත් වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;
(iii) එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;
(iv) කුලී පදනම මත ලබා ගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබා ගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තිබේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;
(iii) අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමඟ අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;
(iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද ?
(ඈ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2013-10-25
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 109කි. ඇමුණුම බලන්න. ඇමුණුම සභාගත* කරමි.
(ii) 1022කි.
(iii) වාහන ලබා දී ඇත්තේ පරිපාලන ශ්‍රේණියේ නිලධාරින්ගේ පාලනය යටතේ පවත්වා ගෙන යාම සඳහායි.
(iv) 1022කි.
(ආ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ඇ) (i), (ii) අමාත්‍යාංශය යටතේ ඇති කුලී වාහන නොමැති නිසා හඳුනා ගැනීමේ ක්‍රමයක් සැලසීමේ අවශ්‍යතාවක් නොමැති අතර, අමාත්‍යාංශයේ සියලු වාහන සඳහා රාජ්‍ය ලාංඡනය පින්තාරු කර ඇත.
(iii) ඔව්.
(iv) අදාළ නොවේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-12-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks