01

E   |     |  

 දිනය: 2013-10-09   පිළිතුර ලබා දී ඇත 

3358/2013: ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට අයත් ආයතන: වාහන

3358/’12

 

ගරු පී. හැරිසන් මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයට  අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;

            (ii)      එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;

  (iii)  එම ආයතනවල රජයේ වාහන ලබා දී ඇති නිලධාරීන් අයත්  ‍ශ්‍රේණි කවරේද;

     (iv)  එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  උක්ත  අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ඇති කුලී පදනම මත ලබා ගත් වාහන සංඛ්‍යාව කොපමණද;

   (ii)  එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;

  (iii)  එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;

  (iv)  කුලී පදනම මත ලබා ගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  (i)  ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබා ගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන් කර හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් තිබේද;

  (ii)  එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;

  (iii)  අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමඟ අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;

  (iv)  නොඑසේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-10-09

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      10

(ii)

 

                      ආයතනයේ නම

වාහන සංඛ්‍යාව

ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව

32

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

13

රජයේ කර්මාන්ත ශාලාව

28

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

54

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

34

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

415

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය

09

ඉදිකිරීම් අභ්‍යාස සහ සංවර්ධන ආයතනය

35

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය

08

සී/ස. ඕෂන් විව් ඩිවලොප්මන්ට් පුද්ගලික සමාගම

06

 

ගරු මන්ත්‍රීතුමා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාහන 415 තුළ මෝටර්සයිකල් 307ක් ඇතුළත් වෙනවා.

(iii)     

 

ආයතනයේ නම

නිලධාරින් අයත් ශ්‍රේණි

ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව

 

ගොඩනැඟිලි අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය 1 පන්තිය

අතිරේක ගොඩනැඟිලි අධ්‍යක්ෂ ජනරාල්

  - එම-

අතිරේක ගොඩනැඟිලි අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකා වාස්තුවිද්‍යාඥ සේවය 1 පන්තිය

අධ්‍යක්ෂ මුදල්

ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය 1 පන්තිය

ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

 

අධ්‍යක්ෂ ජනරාල්

දෙපාර්තමේන්තුගත තනතුරු වේ

අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

-එම-

අධ්‍යක්ෂ

-එම-

රජයේ කර්මාන්තශාලාව

 

කර්මාන්තශාලා ඉංජිනේරු

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය විශේෂ ශ්‍රේණිය

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

 

සභාපති

මෙම තනතුරු ශ්‍රේණිගත තනතුරුවලට අයත් නොවේ.

උපසභාපති

 

ක්‍රියාකාරි අධ්‍යක්ෂ

 

සාමාන්‍යධිකාරි

 

නියෝජ්‍ය සාමාන්‍යධිකාරි

 

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව

 

සභාපති

මෙම තනතුරු ශ්‍රේණිගත තනතුරුවලට අයත් නොවේ.

ක්‍රියාකාරි අධ්‍යක්ෂ

 

සාමාන්‍යධිකාරි

 

නියෝජ්‍ය සාමාන්‍යධිකාරි

 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

 

සභාපති

මෙම තනතුරු ශ්‍රේණිගත තනතුරුවලට අයත් නොවේ

උපසභාපති

 

ක්‍රියාකාරි අධ්‍යක්ෂ

 

ක්‍රියාකාරි අධික්ෂණ නිලධාරි

 

සාමාන්‍යධිකාරි

 

නියෝජ්‍ය සාමාන්‍යධිකාරිවරු 06ක්

 

අංශභාර සහ සාමාන්‍යධිකාරි 02

 

ව්‍යාපෘති උපදේශක

 

අලෙවි විධායක

 

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය

 

සභාපති

මෙම තනතුරු ශ්‍රේණිගත තනතුරුවලට අයත් නොවේ

සාමාන්‍යධිකාරි

 

නියෝජ්‍ය සාමාන්‍යධිකාරි

 

ඉදිකිරීම්, අභ්‍යාස සහ සංවර්ධන ආයතනය

 

සභාපති

මෙම තනතුරු ශ්‍රේණිගත තනතුරුවලට අයත් නොවේ

ක්‍රියාකාරි අධ්‍යක්ෂ

 

අධ්‍යක්ෂ ජනරාල්

ශ්‍රී ලංකා වාස්තුවිද්‍යාඥ සේවය

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය

 

සභාපති

මෙම තනතුරු ශ්‍රේණිගත තනතුරුවලට අයත් නොවේ

අධ්‍යක්ෂ ජනරාල්

ජ්‍යෙෂ්ඨ කළමනාකරණ 2-1

අධ්‍යක්ෂ සැලසුම්

ජ්‍යෙෂ්ඨ කළමනාකරණ 1-1

අධ්‍යක්ෂ (සමාජ සජීවිකරණ)

ජ්‍යෙෂ්ඨ කළමනාකරණ 1-1

සී/ස ඕසන් විව් ඩිවලප්මන්ට් පුද්ගලික සමාගම

 

සභාපති

මෙම තනතුරු ශ්‍රේණිගත තනතුරකට  අයත් නොවේ

 

   (iv)      ආයතනයන්හි නිලධාරින්ට වෙන් කර දී ඇති වාහනය හැර එම නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ වෙනත් වාහන යොදවා නැත.

                        ආයතනයන්හි අනෙකුත් සියලුම වාහන අධීක්ෂණය කරනු ලබන්නේ අදාළ ආයතනයේ ප්‍රවාහන අංශය භාර මාණ්ඩලික නිලධාරියා විසින්ය.

(ආ) (i) 1. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය 02

2. නාගරික ජනාවාස සංවර්ධන

අධිකාරිය 05

3. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව          104

4. රාජ්‍ය සංවර්ධන හා

නිර්මාණ නීතිගත සංස්ථාව 25

 

5. ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව

6. ජාතික භෞතික සැලසුම්

දෙපාර්තමේන්තුව

7. රජයේ කර්මාන්තශාලාව

8. ඉදිකිරිම් අභ්‍යාස හා සංවර්ධන

ආයතනය 

9. සහාධිපත්‍ය කළමනාකරණ

අධිකාරිය 

10. සී/ස. ඕෂන් විව් ඩිවලොප්මන්ට්               පුද්ගලික  සමාගම) .

(ii) නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය  -   කිලෝ මීටරයකට රු. 35/- බැගින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය - මාසික ධාවන දුර කිලෝමීටර් 3,000ක් සඳහා රු. 70,000/- සහ ඊට වැඩි වන සෑම කිලෝ මීටරයක් සඳහා රු. 22/- බැගින්ද, මාසිකව ධාවන දුර කිලෝමීටර් 4,000 සඳහා රුපියල් 85,000/- සහ ඊට වැඩි වන කිලෝමීටරයක් සඳහා රු. 30/- බැගින්ද ගෙවනු ලැබේ.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ

නීතිගත සංස්ථාව -

ටෙන්ඩර් මඟින් මිල ගණන් කැඳවා ඒ අනුව කුලියට ලබා ගත් වාහන 25 සඳහා මසකට කි.මී. 3000ක උපරිමයකට යටත්ව එක් එක් වාහන සඳහා ගෙවීම් කරනු ලැබේ.

(වාහන වර්ග හා එහි ඇති පහසුකම් මත එක් එක් වාහනවලට ගෙවනු ලබන මිල ගණන් වෙනස් වේ.)

 

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව -

මිල ගණන් කැඳවා ටෙන්ඩර් මඟින් මිල ගණන් අනුමත කිරීමෙන් පසු

(වාහන වර්ග හා එහි ඇති පහසුකම් මත එක් එක් වාහනවලට ගෙවනු ලබන මිල ගණන් වෙනස් වේ.

(iiii) නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය -

2012 වර්ෂයේ රුපියල්  7,206,545.00ක් ගෙවීම් කර ඇත.

වාර්ෂිකව ධාවනය වන කිලෝමීටර් ප්‍රමාණය අනුව මෙම මුදල් වෙනස් වේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය -

වාහන දෙක සඳහා වාර්ෂිකව            රු. 1,860,000.00ක මුදලක් ගෙවනු ලැබේ.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ

නීතිගත සංස්ථාව -

වාර්ෂිකව රු. 23,970,000.00

          රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව -

දළ වශයෙන් සියලුම වියදම් වාර්ෂිකව මිලියන 75කි.

(iv) නාගරික ජනාවාස සංවර්ධන

             අධිකාරිය -

අධ්‍යක්ෂ (මුදල්)

අධ්‍යක්ෂ (ඉංජිනේරු)

සහකාර අධ්‍යක්ෂවරුන්

අධිකාරියේ කාර්ය මණ්ඩලය

 

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය -

ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් මාතර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්  කළමනාකරුගේ අධීක්ෂණය යටතේ ජන සෙවන හා ජනාවාස මෙහෙයුම් වැඩසටහන්වලට යොදවා ඇත.

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ

නීතිගත සංස්ථාව -

කුලී පදනම මත ලබා ගත් වාහන වැඩබිම් අවශ්‍යතාවය මත යොදවා ඇති අතර, වැඩබිම් භාර නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ධාවනය වේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව -

ව්‍යාපෘති කළමනාකරුවන්ට සහ  අදාළ වැඩ බිම්වල අවශ්‍යතාව මත යොදවා ඇත.

(ඇ) (i) ඔව්.

(ii) අමාත්‍යාංශය කුලී පදනම මත වාහන ලබා ගෙන නොමැත.  නිලධාරින් හට වෙන් කර දී ඇති වාහන හැර වාහන සංචිතයේ ඇති සියලුම වාහන සඳහා රාජ්‍ය  ලාංඡනය සහිතව අමාත්‍යාංශයේ නම පින්තාරු කර ඇත.

(iii) ඔව්.

(iv) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2013-12-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks