01

E   |     |  

 දිනය: 2013-09-06   පිළිතුර ලබා දී ඇත 

3354/2013: ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන : වාහන

3354/’12

 

ගරු පී. හැරිසන් මහතා,— ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)         (i)      ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;

             (ii)      එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;

(iii) එම ආයතනවල රජයේ වාහන ලබාදී ඇති නිලධාරීන් අයත්  ‍ශ්‍රේණි කවරේද;

   (iv) එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) උක්ත  අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට කුලී පදනම මත ලබා ගෙන ඇති වාහන සංඛ්‍යාව කොපමණද;

  (ii) එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;

(iii) එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;

(iv) කුලී පදනම මත ලබාගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබාගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් තිබේද;

(ii) එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;

(iii) අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමඟ අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;

(iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-09-06

අසන ලද්දේ

ගරු පී. හැරිසන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉඩම් හා ඉඩම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා (ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා)

(மாண்புமிகு ஜனக பண்டார தென்னகோன் - காணி, காணி அபிவிருத்தி அமைச்சர்)

(The Hon. Janaka Bandara Tennakoon - Minister of Lands and Land Development)

ගරු  කථානායකතුමනි,  එම ප්‍රශ්නට පිළිතුර  මෙසේයි.

(අ)       (i)        4කි.

          (ii)        මිනින්දෝරු දෙපාර්තමේන්තුව - 299

                      ඉඩම් ‍කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව  - 29

                      ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව - 33

                      ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව  - 22

    (iii)     ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිය, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 පන්තිය, ශ්‍රී ලංකා  මිනින්දෝරු සේවයේ  ‍විශේෂ ශ්‍රේණිය, ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ 1 පන්තිය.

(iv)  මිනින‍්දෝරු  දෙපාර්තමේන්තුව  - 299

      ඉඩම් ‍කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව  - 12

      ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව - 33

      ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම්  දෙපාර්තමේන්තුව  - 22.

(ආ)    (i) කුලී පදනම මත වාහන ලබා ගෙන නොමැත.

        (ii) අදාළ නොවේ.

        (iii)  අදාළ නොවේ.

        (iv) අදාළ නොවේ.

(ඇ)   (i) ඔව්.

       (ii) වාහනවල, රාජ්‍ය ලාංඡනය හා අමාත්‍යාංශයේ/ දෙපාර්තමේන්තුවේ නාමය යොදා ඇත.

       (iii)  ඔව්.

       (iv) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ. 

 

පිළිතුරු දුන් දිනය

2013-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks