පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3347/’12
ගරු පී. හැරිසන් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ආයතනය යටතේ ඇති රජයේ වාහන සංඛ්‍යාව කොපමණද;
(iii) එම ආයතනවල රජයේ වාහන ලබාදී ඇති නිලධාරීන් අයත් ශ්‍රේණි කවරේද;
(iv) එම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන සංඛ්‍යාව කොපමණද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ආ) (i) උක්ත අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ඇති කුලී පදනම මත ලබාගත් වාහන සංඛ්‍යාව කොපමණද;
(ii) එම වාහනවලට ගෙවීම් කරන ආකාරය කවරේද;
(iii) එම වාහන වෙනුවෙන් වාර්ෂිකව ගෙවන මුළු මුදල කොපමණද;
(iv) කුලී පදනම මත ලබාගත් වාහන පරිහරණය කරනු ලබන නිලධාරීන් කවුරුන්ද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත අමාත්‍යාංශය යටතේ ඇති රජයේ වාහන, කුලී පදනම මත ලබාගත් වාහන සහ නිලධාරීන්ගේ පුද්ගලික වාහන වෙන්කර හඳුනාගැනීමේ ක්‍රමවේදයක් තිබේද;
(ii) එසේ නම්, ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නේද;
(iii) අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවලට අයත් රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය සමග අදාළ ආයතනයේ නම සඳහන් කර තිබේද;
(iv) නොඑසේ නම්, එයට හේතු කවරේද;
යන්නත් එතුමිය සඳහන් කරන්නෙහිද ?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-08-07
අසන ලද්දේ
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අයත් ආයතන 05කි. එනම්,
1. ලංකා විදුලිබල මණ්ඩලය
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම
3. ලංකා ගල් අඟුරු සමාගම
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ්
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම
(ii) 1. ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වාහන සංඛ්‍යාව 2,297කි.
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම යටතේ රජයේ වාහන කිසිවක් නොමැති අතර එම සමාගම පාවිච්චි කරන්නේ ලංකා විදුලි පෞද්ගලික සමාගම සතු වාහන පමණි. එම ආයතනය සතු වාහන සංඛ්‍යාව 172කි.
3. ලංකා ගල්අඟුරු සමාගමට අයත් වාහන සංඛ්‍යාව 02කි. (මෝටර් කාර් රථය හා කැබ් රථය පමණි.)
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනය - අදාළ නොවේ.
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම - ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම යටතේ වාහන නොමැත. තාවකාලික පදනම යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ එක් ඩබල් කැබ් රථයක් සහායට ලබා ගෙන ඇත.
(iii) 1. ලංකා විදුලිබල මණ්ඩලය - රාජකාරි අවශ්‍යතා සඳහා වාහන අවශ්‍ය වන නිලධාරින්ට වාහන ලබා දී ඇත. ඒ අතරින් I පන්තියේ හා I පන්තිය/ II ශ්‍රේණියට අයත් වන නිලධාරින්ගෙන් සමහරක් 2004 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (iv) යටතේ එම වාහන සීමිත පෞද්ගලික පරිහරණයට ලබා දීමේ සහනය ප්‍රයෝජනයට ගනිති. එම වාහන පමණක් ඒ නිලධාරින් වෙත ලබා දී ඇත.
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම - රාජකාරි කටයුතු සඳහා වාහන 28ක් වෙන් කර ඇත. එම වාහන වෙන් කර ඇති නිලධාරින් අයත් ශ්‍රේණි හා ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති වාහන සංඛ්‍යාවන් පහත සඳහන් වේ.
* සභාපති - වාහන 02කි.
* සාමාන්‍යාධිකාරි - වාහන 01කි.
* අංශ භාර නිලධාරින් (ix ශ්‍රේණිය) - 04දෙනායි. - වාහන 04කි.
* දෙපාර්තමේන්තු ප්‍රධානින් (viii ශ්‍රේණිය)
- 07දෙනායි. - වාහන 07කි.
* ශාඛා කළමනාකරුවන් (vii ශ්‍රේණිය) - 07දෙනායි. - වාහන 07කි.
* ශාඛා ඉංජිනේරුවරුන් (vi ශ්‍රේණිය) - 07දෙනායි. - වාහන 07කි.
3. ලංකා ගල්අඟුරු සමාගම - කළමනාකරු (මෙහෙයුම්) වෙත මෝටර් කාර් රථයද, සමාගමේ පොදු කටයුතු සඳහා ඩබල් කැබ් රථයද යොදා ගැනේ.
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් ආයතනය - අදාළ නොවේ.
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම - කිසිදු නිලධාරියකුට රජයේ වාහන වෙන් කොට නොමැත.
(iv) 1. ලංකා විදුලිබල මණ්ඩලය - ඉහත වාහන 2,297 සහ පහත (ආ) (i)හි සඳහන් කුලී වාහන ඒ ඒ අංශවල අදාළ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ පවතී.
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම - නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන 28කි.
3. ලංකා ගල්අඟුරු සමාගම - නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ඇති වාහන 02කි.
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් - අදාළ නොවේ.
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම - ලංකා විදුලිබල මණ්ඩලයෙන් ලබා ගෙන ඇති වාහනය නිලධාරින් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ භාවිත වේ.
(ආ) (i) 1. ලංකා විදුලිබල මණ්ඩලය - කුලී පදනම මත ලබා ගත් වාහන සංඛ්‍යාව 802කි.
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම - කුලී පදනම මත වාහන ලබා ගෙන නොමැත.
3. ලංකා ගල්අඟුරු සමාගම - කුලී පදනම මත ලබා ගත් වාහන සංඛ්‍යාව 02කි.
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් - අදාළ නොවේ.
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම - කුලියට ගත් වාහන නොමැත. 2008.06.26 දිනැති අංක 14/2008 සහ 2008.06.26 දිනැති අංක 13/2008 රජයේ චක්‍රලේඛ යටතේ එක් පුද්ගලික වාහනයක් භාවිතයට ගැනේ.
(ii) 1. ලංකා විදුලිබල මණ්ඩලය - කුලී පදනම මත වාහන ලබා ගනුයේ ප්‍රසිද්ධ මිල ගණන් කැඳවීමෙන් වන අතර එකී ටෙන්ඩර් කොන්දේසි මත මාසිකව ගෙවීම් කරනු ලැබේ. තවද, කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී දැනට බලපැවැත්වෙන මණ්ඩලීය අනුමැතිය අනුව සියලුම පෙට්‍රල් හා ඩීසල් වාහන සඳහා මාසික කිලෝමීටර් 2,000ක් සඳහා උපරිම ගෙවීම රුපියල් 80,000 සහ මාසික කිලෝමීටර් 3,000ක් සඳහා උපරිම ගෙවීම රුපියල් 90,000 යන සීමාවන්ට යටත්ව ක්‍රියා කරනු ලැබේ.
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම - අදාළ නොවේ.
3. ලංකා ගල්අඟුරු සමාගම - කුලී පදනම මත වාර්ෂිකව එම වාහනවලට ගෙවීම් කරනු ලැබේ.
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් - අදාළ නොවේ.
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම - ඉහත කී චක්‍රලේඛයට අනුව මසකට රුපියල් හතළිස්දෙදහසක (රුපියල් 42,000ක) උපරිමයට යටත්ව ගෙවීම කෙරේ.
(iii) 1. ලංකා විදුලිබල මණ්ඩලය - ඉහත සඳහන් වාහන වෙනුවෙන් 2012 වර්ෂය සඳහා රුපියල් මිලියන 753ක මුදලක් වැය කර ඇත.
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම - අදාළ නොවේ.
3. ලංකා ගල්අඟුරු සමාගම - කුලී වාහන සඳහා වර්ෂයකට රුපියල් 16,80,000ක් ගෙවනු ලැබේ. (මෝටර් කාර් රථ 02 සඳහා - මසකට රුපියල් 1,00,000 හා රුපියල් 40,000ක් ගෙවනු ලැබේ.)
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් - අදාළ නොවේ.
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම - පසු ගිය 2012 වසර වෙනුවෙන් රුපියල් තුන්ලක්ෂ පනස්හතරදහසක් (රුපියල් 3,54,000ක්) ගෙවා ඇත. 2013 වසර වෙනුවෙන් කිසිදු මුදලක් ගෙවා නැත.
(iv) 1. ලංකා විදුලිබල මණ්ඩලය - ලංකා විදුලිබල මණ්ඩලයේ රාජකාරි ගමනාගමන අවශ්‍යතා අනුව සියලු ශ්‍රේණිවල නිලධාරින් හා සේවකයින් විසින් මෙම වාහන පරිහරණය කරනු ලැබේ.
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම - අදාළ නොවේ.
3. ලංකා ගල් අඟුරු සමාගම - සභාපති/කළමනාකරණ අධ්‍යක්ෂ (මෝටර් කාර් රථය) සහ ගණකාධිකාරි (මෝටර් කාර් රථය)
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් - අදාළ නොවේ.
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම - ශ්‍රී ලංකා එනර්ජිස් සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා එම වාහනය පරිහරණය කරනු ලැබේ.
(ඇ) (i) ඔව්.
(ii) 1. ලංකා විදුලිබල මණ්ඩලය - එක් එක් ශාඛාවලින් පාලනය වන වාහන සඳහා එම ශාඛාවට අදාළ වන පරිදි ලංවිම ලාංඡනය සහ ශාඛාව සටහන් කර ඇත.
2. ලංකා විදුලි පෞද්ගලික සමාගම - ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නිලධාරින් වෙනුවෙන් වෙන් කර තිබෙන වාහන 28 හැර අනිකුත් සියලුම වාහනවල LECO ලාංඡනය සඳහන් කර තිබේ.
3. ලංකා ගල් අඟුරු සමාගමේ වාහන වෙන් කර හඳුනා ගැනීම සඳහා ලාංඡන නොමැති අතර ආයතනය සතු වාහන 02 හා කුලී පදනම මත ලබා ගත් වාහන 02 සමඟ මුළු වාහන සංඛ්‍යාව 04ක් බැවින් ලියාපදිංචි අංකය මඟින් පහසුවෙන් හඳුනා ගත හැක.
4. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඩ් - අදාළ නොවේ.
5. ශ්‍රී ලංකා එනර්ජිස් සමාගම - නොමැත. මෙම ආයතනයට අනාගතයේ වාහන මිලදී ගත් විට වාහනයේ ආයතනයේ නම සහ ලාංඡනය මුද්‍රණය කිරීමට අපේක්ෂා කෙරේ.
(iii) අමාත්‍යාංශයේ සංචිතයේ පවතින වාහනවල නම සහ ලාංඡනය සඳහන් වේ. එසේම අනෙකුත් ආයතන සම්බන්ධයෙන් ඉහත (ii)හි පිළිතුර අදාළ වේ.
(iv) ලංකා ගල් අඟුරු සමාගම සමාගම් පනත යටතේ සංස්ථාපිත සමාගමක් වන බැවින් රාජ්‍ය ලාංඡනය සහ ආයතනයේ නම සඳහන් කර නොමැත.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks