04

E   |     |  

 දිනය: 2013-05-08   පිළිතුර ලබා දී ඇත 

3287/2013: උප තැපැල් කාර්යාලයක් පිහිටුවීම : පොතුවිල් නගරය

3287/’12

ගරු (අල්හාජ්) ඒ. එච්. එම්. අස්වර් මහතා,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       නැගෙනහිර පළාතේ, පොතුවිල් නගරයේ තැපැල් කාර්යාලයක් නොමැති නිසා එම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත්;

            (ii)       හිදායාපුරම්හි, පොතුවිල් මධ්‍ය මහා විද්‍යාල පාරේ ක්‍රියාත්මක වූ උප තැපැල් කාර්යාලය වසා දැමීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ)  පොදු ජනතාව මුහුණ දෙන මෙම දුෂ්කරතාවයන් පිළිබඳව සලකා බලා පොතුවිල් නගරයේ උප තැපැල් කාර්යාලයක් පිහිටුවීමට පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-05-08

අසන ලද්දේ

ගරු ඒ.එච්.එම්. අස්වර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ජීවන් කුමාරණතුංග මහතා (තැපැල් සේවා අමාත්‍යතුමා)

(மாண்புமிகு ஜீவன் குமாரணதுங்க - தபால் சேவைகள் அமைச்சர்)

(The Hon. Jeewan Kumaranatunga - Minister of Postal Services)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)          (i)      නැත. පොතුවිල් නගර සීමාව තුළ පොතුවිල් තැපැල් කාර්යාලය ස්ථාපනය කර ඇත.

              (ii)      හිදයාපුරම්හි උපතැපැල්කාර්යාලය දැන් පවත්වාගෙන යනු ලැබේ. මෙම කාර්යාලයේ කලින් සේවය කළ උපතැපැල් ස්ථානාධිපති විශ්‍රාම යෑමත්, කලින් උපතැපැල් ස්ථානාධිපති භාවිත කළ උපතැපැල් කාර්යාල ගොඩනැඟිල්ල තවදුරටත් ලබා දීමට අයිතිකරු අකැමැති වීමත්, වැඩ බලන උපතැපැල් ස්ථානාධිපතිවරයකු පත් කිරීම ප්‍රමාද වීමත් නිසා 2010.06.18 දින සිට 2011.01.05 දින දක්වා හිදායාපුරම්හි උපතැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබූ අතර, 2011.01.06 දින සිට නව ගොඩනැඟිල්ලක උපතැපැල් කාර්යාලය විවෘත කර, සාර්ථකව රාජකාරි කටයුතු කරගෙන යනු ලැබේ.

(ආ) පොතුවිල් නගර සීමාව තුළ පොතුවිල් තැපැල් කාර්යාලය පිහිටුවා ඇති බැවින්, එම නගරය තුළ උපතැපැල් කාර්යාලයක් පිහිටුවීමට ක්‍රියා කර නැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු ජීවන් කුමාරණතුංග මහතා. පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks