01

E   |     |  

 දිනය: 2013-07-23   පිළිතුර ලබා දී ඇත 

3254/2013: ලැප්ටොප් පරිගණක ලැබූ ජනමාධ්‍යවේදීන්: විස්තර

3254/’12

 

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       මෑතකදී ලැප්ටොප් පරිගණක ලබාදුන් ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව කොපමණද;

             (ii)       එම ජනමාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(iii) එම ලැප්‍ටොප් පරිගණක ලබාදීමට ජනමාධ්‍යවේදීන් තෝරා ගන්නා පදනම කවරේද;

(iv) එම එක් පරිගණකයක මිල කොපමණද;

(v) මේ දක්වා  බෙදා දී ඇති ලැප්ටොප් පරිගණක සඳහා වැයකර ඇති සමස්ත මුදල කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-07-23

අසන ලද්දේ

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      500යි.

              (ii)      ඔව්. ඇමුණුමෙහි සඳහන් කර ඇත. ඇමුණුම  සභාගත* කරමි.

             (iii)     *      සෑම ජාතික පුවත් පතකම ප්‍රධාන කර්තෘවරුන් හා ප්‍රවෘත්ති කර්තෘවරුන් සඳහා;

                        *      රාජ්‍ය හා පෞද්ගලික රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවල ප්‍රවෘත්ති කර්තෘවරුන්  සඳහා;

* රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතන හතර සඳහා ඉහත තෝරා ගැනීම් ද ඇතුළත්ව ආයතන ප්‍රධානීන්ගේ නිර්දේශ මත, ප්‍රධානීන් මඟින් බෙදා දීම සඳහා 40 බැඟින්;

* ජාතික පුවත් පත්වල කාටුන් ශිල්පීන් සඳහා;

* පිළිගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සඳහා;

* ගරු අමාත්‍යවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් සඳහා;

* පාර්ලිමේන්තු මාධ්‍ය ආවරණය කරනු ලබන මාධ්‍යවේදීන් සඳහා;

* කැබිනට් මාධ්‍ය ආවරණය කරනු ලබන මාධ්‍යවේදීන් සඳහා.

(iv) රුපියල් 60,308යි. (රුපියල් හැට දහස් තුන්සිය අටයි.)

(v) රුපියල් 30,154,000යි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-01-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks