බලන්න

04

E   |     |  

 දිනය: 2014-05-20   පිළිතුර ලබා දී ඇත 

3238/2014: මිල්කෝ ආයතනය: ලාභය / අලාභය

3238/’12

 

ගරු රවී කරුණානායක මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      මිල්කෝ ආයතනයට අදාළව,    

              (i)      2012 වර්ෂයේ සිට අද දක්වා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

             (ii)      2015 - 2016 වර්ෂ සඳහා අ‍පේක්‍ෂිත ලාභය හෝ අලාභය කොපමණද;

(iii) අද වන විට තිබෙන ප්‍රාග්ධන ප්‍රමාණය සහ සංචිත ප්‍රමාණය කොපමණද;

(iv) එම ආයතනයේ සේවය කරන පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(v) එහි සේවක අතිරික්තයක් හෝ සේවක හිඟයක් තිබේද;

(vi) එම ආයතනය සේවකයෙකුට දරන වියදම සහ සේවකයෙකුගෙන් ලබන ලාභය කොපමණද;

(vii) කෙටි කාලීන ණය, බැංකු අයිරා, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ණය යනාදියෙහි මේ වන විට පවතින මුළු එකතුව කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අලාභය

                         2012/2013 - රුපියල් 289,717,497.00

                         2013/2014 - රුපියල් 128,900,000.00

              (ii)      අපේක්ෂිත ලාභය

                         2015/2016 - රුපියල් 207,640,000.00

             (iii)      ප්‍රාග්ධනය

                         ප්‍රකාශිත ප්‍රාග්ධනය රු.319,454,060.00

                         සංචිත

                           ප්‍රාග්ධන සංචිත    -  රු.   25,000,000.00

                           ප්‍රත්‍යාගණන සංචිත -  රු. 336,454,462.00

මූල්‍ය සංචිත -  රු. 745,599,721.00

(iv) සේවක සංඛ්‍යාව 1,409

(v) සේවක හිඟයක් ඇත.

(vi) සේවකයකු සඳහා මාසික වියදම - රු.66,000.00

ආයතනය පාඩු ලබන හෙයින් සේවකයකු සඳහා ලාභය ගණනය කළ නොහැක.

(vii) බැංකු අයිරා

ලංකා බැංකුව   -   රු.384,000,000.00

මහජන බැංකුව -  රු.150,000,000.00

කල් බදු

UHT යන්ත්‍ර                        - රු. 519,000,000.00

යෝගට් බඳුන් පුරවන යන්ත්‍ර - රු.   14,000,000.00

යෝගට් මිශ්‍රණ යන්ත්‍ර    - රු.  62,000,000.00

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2014-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks